බහුතරය මහින්දටයි! | සිළුමිණ

බහුතරය මහින්දටයි!

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත් කිරීමට කිසිසේත්ම ඡන්ද බලය භාවිත නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය පවසා සිටී.

බහුතර බලය පරීක්ෂා කරනු ලබන අවස්ථාවකදී කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන බව එම පක්ෂ දෙකම ස්ථිර ලෙසින්ම ප්‍රකාශයට පත් කර ඇත.

මේ නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේම සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ආසන 6 සහිතව මන්ත්‍රීවරුන් 22 දෙනකුගේම සහාය රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම නොලැබී‍මෙන් හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු‍ගේ සහාය නොලැබීමත් තුළ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 99ක් දක්වා පහළ යනු ඇත.

ඒ අනුව ඉදිරියටත් බහුතර බලය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබේ.

කතානායකවරයා හැරුණු විට එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 105ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95ක් ද දෙමළ ජාතික සන්ධානයට ආසන 16ක් ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 6ක් ද ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන එක බැගින් හිමිව තිබුණි.

Comments