පොලිස්පතිට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් | සිළුමිණ

පොලිස්පතිට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳව සියලු තීන්දු හා තීරණ ගනු ලබන ආරක්ෂක මණ්ඩලයට අදාළ කිසිදු කරුණක් බාහිර පාර්ශ්වයන් අතට පත් කිරීම හෝ ඊට අදාළව ප්‍රකාශ නිකුත් කිරීම බරපතළ වරදක් වන තත්ත්වයක් තුළ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති එවැනි ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා මහතාගේ ස්ථානමාරු කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී පොලිස්පතිවරයා ඊට පිළිතුරු වශයෙන් ලිඛිතව දන්වා ඇත්තේ එකී තීරණයට ආරක්ෂක මණ්ඩලයේ සම්බන්ධයක් ඇති බවයි.

 

Comments