පිළිගත් ක්‍රමයකට බහුතරය පිළිගන්න සූදානම් | සිළුමිණ

පිළිගත් ක්‍රමයකට බහුතරය පිළිගන්න සූදානම්

ආණ්ඩුවක් වෙනස් කිරීම වැනි බරපතළ කරුණකදී ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් හෝ නම් වශයෙන් ඡන්ද විමසීමක් සිදු කර බහුතරය පෙන්වුවහොත් තමා ඒ අනුව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් බරනොස් පැට්‍රිෂියා මහත්මිය හා පැවැති දුරකතන සංවාදයකදී පවසා ඇත.

ආණ්ඩුවක් වෙනස් කිරීම වැනි භාරදූර කටයුත්තක් උදෙසා ගෙන එනු ලබන විශ්වාසභංගයකදී හඩ අනුව කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

මෙහිදී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා ඇත‍්තේ අගමැතිවරයා පත් කිරීම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බවයි.

ජාතික ආණ්ඩුවක එක් පාර්ශ්වයක් ඉවත් වීමේදී කැබිනට් මණ්ඩලය අහෝසි වී යන බවත් එවිට අගමැති ධුරයද පුරප්පාඩු වන බවත් ඒ අනුව නව අගමැතිවරයා පත් කිරීම සිදු කළ බවද ජනාධිපතිවරයා විසින් මෙහිදී පැහැදිලි කර තිබේ.

Comments