කටඋත්තරයක් දීම පොලිස්පති මඟහරී | Page 5 | සිළුමිණ

කටඋත්තරයක් දීම පොලිස්පති මඟහරී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ප‍ූජිත් ජයසුන්දර මහතාගෙන් කටඋත්තරයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇතත්, පොලිස්පතිවරයා අදාළ කටඋත්තරය දීම දිගින් දිගටම මඟ හරින බව රහස් පොලිස් ආරංචි මාර්ග සිළුමිණට හෙළි කළේය.

එසේ පොලිස්පතිවරයා දිගින් දිගටම කටඋත්තරයක් ලබාදීම මඟ හැර සිටින බැවින් වහාම රහස් පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙසට හා පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගැනීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බව ද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඉදිරි දිනයකදී ඊට අදාළ අධිකරණ නියෝගය පොලිස්පතිවරයාට බාරදෙන බවද දැනගැනීමට තිබේ.

 

Comments