
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්වී ඇති බව වාර්තාවේ.
තවත් පුද්ගලයින් පස්දෙනෙකු සමඟ පසුගිය 10 වනදා ධීවර කටයුතු සඳහා මොහු පිටව ගොස් ඇත්තේ සුබපැතුම් - 4 බහුදින යාත්‍රාවෙනි.
ධීවර කටයුතුවල නිරතවීමෙන් පසු නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී මොහු ශරීර කෘත්‍යයක් සඳහා යාත්‍රාවේ එක් කෙළවරකට පැමිණි අවස්ථාවේදී මෙලෙස මුහුදට වැටී අතුරුදන්වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ධීවර යාත්‍රාව හිමි පුද්ගලයා පොලීසියට පැමිණිලි කර ඇති අතර, මෙලෙස අතුරුදන්වී ඇත්තේ 18 හැවිරිදි බේරුවල - බුබුලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.