දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් | Page 15 | සිළුමිණ

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (19) දිනයේ සිට දිවයින පුරා ප්‍රදේශ කීපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක ඉතා තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව හා බස්‌නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල පෙරවරු කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්‌ ඇති විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

Comments