ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්න | Page 5 | සිළුමිණ

ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්න

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා දේශපාලන ස්ථාවරය සංරක්ෂණ කරමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීම තුළ රටේ දැනට පවතින තත්ත්වය සමනය කරලීමට පියවර ගත යුතු මොහොතකට රට එළැඹ ඇතැයි මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරති.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරන මල්වතු මහා නායක හිමිපාණන් වහන්සේ එමඟින් අවධාරණය කර සිටින්නේ ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමෙන් මේ පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීම වඩාත් යෝග්‍ය බවයි. මහානායක හිමිපාණන් වහන්සේ සිය ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගියදා නව අග්‍රාමාත්‍යවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත්කිරීමෙන් පසු ඊට පක්ෂව හා විපක්ෂව විවිධ දේශපාලනික කණ්ඩායම් හා පුරවැසියන් මෙන් ම විදේශීය පාර්ශ්වයන් විවිධ මත දරන්නට වීම නිසා මෙම අවස්ථාව නිර්මාණය වී ඇති බවය. ඒ අනුව මේ අර්බුදකාරී තත්ත්වය සමහන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමේ අවශ්‍යතාවය මහානායක හිමිපාණන් අවධාරණය කර තිබේ.

Comments