
පාන් රැගෙන යාම සදහා වෙළද සැලකට පැමිණි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීමේ පුවතක් ආරච්චිකට්ටුව රාජකදළුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි .
ඊයේ (14 ) පස්වරුවේ මේ සිදුවීම වී ඇත .
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දිලිප් සුරේෂ් (30 ) නමැති අයෙකි .
පහර කෑමට ලක්වූ පුද්ගලයා මේ වන විට හලාවත මහා රෝහලේ හතරවැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි .
දිලිප් සුරේෂ් නැමැති පහර කෑ පුද්ගලයා තමනට ශෂික නැමැත්තෙකු පහර දුන් බව ආරච්චිකට්ටුව පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් කියා ඇත .
මිට මාසයකට පමණ පෙර ක්‍රීඩාංගනයකදී ඇතිවූ ආරවුලක් මේ ගැටුමට හේතුව ලෙස මේ වන විට අනාවරණය වි ඇති බව අරච්චිකට්ටුව පොලිසියේ ප්‍රකාශකයෙකු
පැවසිය .
මේ සිදිවිමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශය හැර පලා ගොස් ඇති බව වාර්තා වෙයි .
ආරච්චිකට්ටුව පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වයි .