ගංජා තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට | Page 15 | සිළුමිණ

ගංජා තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා තොඟයක් සමග තරුණයෙකු වව්නියාව, නොච්චිමොටේ පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව පොලිසිය සිදු කළ වාහන පරික්ෂාවකදී යාපනය සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක කේරළ ගංජා ප්‍රවාහනය කළ අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

‍එහිදී ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් එකක් පොලීසිය  බාරයට ගෙන තිබේ.

සැකකරු 21 හැවිරිදි අනුරාධපුර, මහබුලන්කුලම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

Comments