
ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 (අද)ට යෙදී තිබේ.
මෙවර දියවැඩියා දිනයේ තේමාව වන්නේ ‘දියවැඩියාව සහ පවුල’ යන්නයි. ශ්‍රී ලාංකික වැඩිහිටියන් 12 දෙනකුගෙන් එක් අයකුටත්, යෞවනයන් 6 දෙනකුගෙන් එක් අයකුටත් දියවැඩියා අවධානම් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
වාර්ෂික සිදුවන මරණ අතරින් 7% ක් දියවැඩියාව නිසා සිදු වේ. මෙම තත්ත්වය වැළැක්වීමට සහ පාලනය කිරීමට ක්‍රියා මාර්ග වශයෙන් මේවන විට ක්‍රියාත්මක වන ‘සතුටු ගම්මාන’ වැඩසටහන් මඟින් විශාල සේවාවන් ලැබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න , බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ තිලක් සිරිවර්ධන, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන වෛද්‍යවරු සහභාගී විය.