
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි සිදු කල කැනීම් කටයුතු අද (14) සිට තාවකාලික නවතා දැමූ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අධිකරණයේ පවතින නඩු කටයුතු වෙනුවෙන් සහ කැනීම් කටයුතු සිදු කරන අනෙකුත් නිලධාරීන්ගේ රාජාකාරි කටයුතු වෙනුවෙන් කැනීම් කටයුතු තාවකාලකව නවතා දැමීමට පියවර ගෙන ඇති අතර නැවත කැනීම් කටයුතු නොවැම්බර් මස 27 වන දින ආරම්භ වේ.