කෂෝගි ඝාතනයට සම්බන්ධ හඬපට මුදා හැරේ | සිළුමිණ

කෂෝගි ඝාතනයට සම්බන්ධ හඬපට මුදා හැරේ

ඝාතනයට ලක්වු සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සම්බන්ධ හඬපට විදෙස් රටවල් කිහිපයකට මුදා හැරීමට තුර්කිය කටයුතු කර ඇත.

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්වු සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සම්බන්ධ බවට හඳුනා ගෙන ඇති හඬපට මෙසේ මුදා හැර තිබේ.

ඒවා සෞදි අරාබිය, අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයට යැවිමට කටයුතු කළ බව තුර්කි ජනපති රිසෙප් තයිප් එර් දෝගන් පවසයි. එම හඬපට හරහා ඝාතනය සිදු කළේ කුමන පාර්ශ්වයක්ද යන්න හඳුනා ගැනිමට හැකිවනු ඇත.

කෂෝගි සෘජුවම සෞදි රජුවන සල්මාන් කුමරුගේ ක්‍රියාවන් දැඩි ලෙස විවේචනය කරමින් තීරු ලිපි රචනා කළ මාධ්‍යවේදියෙකි. ඒ හේතුවෙන් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට සෘජුවම චෝදනා එල්ල වේ.

Comments