
ලෝකාන්තයෙන් පහළ වැටුණු 35 හැවිරිදි ජර්මන් ජාතික හෙදියගේ සිරුර අද (13) බලන්ගොඩ මූලික රෝහලට ගෙනා බව සමනලවැව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් තිබුණේ ජූරියා එල්ගා නැමැති ජර්මන් ජාතික අවිවාහක වෘත්තියෙන් හෙදියක වූ තරුණයකි.
ඇය සිය හෙද මිතුරියක වූ රෙවන් හිත් නැමැත්තිය සමඟ නුවරඑළියේ සිට හෝර්ටන්තැන්න සහ ලෝකාන්තය නැරඹීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට පත්විය.
අනතුර වාර්තාවූ වහාම ඇය බේරාගැනීමට යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගත්ත ද ඒ වනවිට ඇය මියගොස් තිබිණි.
සිරුර බළන්ගොඩ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය පැවැත්විමට නියමිතය.