
ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමකට මුහුණ දී තිබේ. මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රියක්ක තුනකින් මේ දළඹු වාශේෂය වාර්තා වී ඇත. සේනා දළඹුවා මුලින්ම හඳුනා ගෙන තිබෙන්නේ නයිජීරියාවෙන් වන අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන් ද වාර්තා වී තිබේ. කෙසේ වුවද මේ වන විට අපේ රටේ දිස්ත්‍රික්ක තුනක බහුල වශයෙන් මෙම අගන්තුක ආක්‍රමණශීලී දළඹුවා වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නොසන්සිදෙන කුස ගින්නකින් පෙළෙන මෙම දළඹු විශේෂයට එක රැයක් තුළ අක්කර දහසක වගාවක් විනාශ කළ හැකි අතර එක් සතෙක්, එක් වරකට බිත්තර 200ක් දමනු ලබයි.එමෙන්ම මෙම දළඹුවාගෙන් හට ගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකි නිසා එම සළඹයා මඟින් දළඹුවන් බෝ වීම සිග්‍රයෙන් සිදු වේ.
මෙම ළඹු විශේෂය මර්ධනය ඳහා අවශ්‍ය කෘමිනාශක යෙදීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (07) කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්හට උපදෙස් දී තිබේ.
මේ දළඹුවා කුඩා කාලයේ කොළ පැහැති බවත් ඉන්පසු දුඹුරු පැහැයට හැරේ බවත්, සිරුර පුරාම ඉදිමුණු බිබිලි වැනි ලක්ෂණ ඇති අතර හිසෙහි යටි පැත්තේ සුදුපැහැයෙන් “Y”අකුරට සමාන හැඩයකින් යුතු සලකුණක් ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම දළඹු විශේෂය වගාවන් අතර සිටින්නේ නම් වහාම ප්‍රදේශයේ කෘෂි උපදේශකවරයාට හෝ 1920 / 081-2388316 දුරකතන අංකයන්ට හෝ වගාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.