
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බවට දැන්වීම රජයේ ගැසට් පත්‍රෙයහි මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බව පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේ රජයේ ආරංචි මාර්ග වෙතින් වාර්තා විය.
පාර්ලිමේන්තුව විසුරුවා හරින ප්‍රකාශයේ අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයන් තෝරා පත් කරගන්න දිනය නියම කොට තිබිය යුතු අතර, එකී ප්‍රකාශනය නිකුත් කළ දින සිට මාස 3ක් ගත වීමට පෙර දිනයක නව පාර්ලිමේන්තුවේ පළමු වැනි රැස්වීම ඒ ගැසට් පත්‍රයෙන්ම කැඳවිය යුතුව තිබේ.
රජයේ ගැසට් පත්‍රය මුද්‍රණය කරනු ලබන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඊට පෙර ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබූ අතර පසුගිය සිකුරාදා සන්ධ්‍යා භාගයේ සිට ඊට දැඩි ආරක්ෂාවක් ද තහවුරු කර තිබිණි.