අධිකරණයට යන්න බැහැ රනිල් ‘හින්දු’ පුවත්පතට කියයි | සිළුමිණ

අධිකරණයට යන්න බැහැ රනිල් ‘හින්දු’ පුවත්පතට කියයි

අගමැතිවරයා පත් කිරීම සම්බන්ධව පැනනැඟී ඇති අර්බුදයට අධිකරණයට යෑම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි ‘ද හින්දු‘ පුවත්පත තම වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කර ඇත.

‘ද හින්දු‘ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව ප්‍රකාශ කර තිබේ. වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී ඇත්තේ උත්තරීතර අධිකරණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් මේ සම්බන්ධව අධිකරණයෙන් තීරණය විමසුවද මේ ගැටලුව යළිත් පාර්ලිමේන්තුවටම යොමු කරනු ඇති බවයි.

එසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කිරීම සම්බන්ධව ගැටලුවත් මතු වන අවස්ථාවකදී අවසන් අර්ථ නිරූපණය කරගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණි.

 

Comments