ඉරාකයෙන් සමූහ මිනී වළවල් 200ක් | Page 2 | සිළුමිණ

ඉරාකයෙන් සමූහ මිනී වළවල් 200ක්

ක්‍රිසන්ති විතාරණ

ඉරාකයේ අයි. එස් ක්‍රියාකාරීන් ගෙන් මුදා ගනු ලැබූ ප්‍රදේශ රැසකින් සමූහ මිනී වළවල් 200 කට අධික සංඛ්‍යාවක් හමු වූ බව එක්සත් ජාතීන් ගේ සංවිධානය අනාවරණය කරයි. ඔවුන් පවසන්නේ එම සංවිධානය සිදු කළ පරීක්ෂණයක දී මේ බව හෙළි වූ බවයි.
ඒ අනුව ඉරාකයේ උතුරු හා බටහිර නයින්වේ, කිර්කුක්, සලාහුදීන් සහ අන්බර් යන ප්‍රදේශවල තිබී මෙම සමූහ මිනීවලවල් සොයා ගෙන ඇති අතර ඒවා තුළ මළ සිරුරු 12,000 කට වැඩි ප්‍රමාණයක් ඇති බව ඔවුන් සැක පහළ කරයි.
2014 වසරේ දී අයි එස් සංවිධානය ඉරාකයේ කොටසක බලය සිය අතට පත් කර ගෙන මිලේච්ඡ පාලනයක් ගෙන යන අතර  ඔවුන්ගේ පාලනයට විරුද්ධ වූ පිරිස් මෙසේ ඝාතනය කර තිබේ. මේ වන විට එම ප්‍රදේශ අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා , ඉරාක රජයේ හමුදා සමඟ සිදු කළ මෙහෙයුම්වලින් එම ප්‍රදේශ මුදා ගෙන ඇති බැවින් මෙම  සංහාරය අනාවරණය කර ගත හැකි බූ බව එක්සත් ජාතීන් පවසයි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වවලට එරෙහිව නඩු පැවරිය හැකි බව ඔවුන් වැඩි දුරටත් පවසයි. 

Comments