රනිල් - සජිත් පන්නා නායකයා වෙන්න චම්පිකගෙන් මෙහෙයුමක් | සිළුමිණ

රනිල් - සජිත් පන්නා නායකයා වෙන්න චම්පිකගෙන් මෙහෙයුමක්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරී‍මත් සමඟ එජාප ආණ්ඩුව කඩා වැටීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එජාප ගැලවුම් කරු ලෙස පෙනී සිට පක්ෂ නායකත්වය ලබාගැනීමට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මෙහෙයුමක් ක්‍රියාවට නංවා ඇතැයි එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සහ බිම් මට්ටමේ කිසිදු ප්‍රසාදයක් චම්පික රණවක මහතාට මෙතෙක් ගොඩ නඟා ගැනීමට නොහැකි වී ඇති බැවින් අවස්ථාවාදී ලෙස මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කර එජාප පාක්ෂිකයන්ගේ ප්‍රසාදය දිනා ගැනීම මෙහි අරමුණ වී ඇතැයි පැවසේ.

මේ පිළිබඳව අනාවරණය වීමත් සමඟ කලබලයට පත් සජිත් ප්‍රේමදාස මහතා චම්පික රණවක මහතාගේ මෙහෙයුමට සහාය නොදී ඊට එරෙහිව එජාපය පෙළ ගැස්වීමට සූදානමින් සිටින බව සජිත් ප්‍රේමදාස මහතාට සම්බන්ධ ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

Comments