අගමැති බවට පත්කිරීම සිදුවූයේ බහුතරය ඇතිවයි | සිළුමිණ

අගමැති බවට පත්කිරීම සිදුවූයේ බහුතරය ඇතිවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 130 ට වැඩි සංඛ්‍යාවක් ඇතිව අගමැතිවරයාව සිටි දී.මූ ජයරත්න මහතා එම ධූරයෙන් ඉවත්කර මන්ත්‍රීධූර 44ක සහාය පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා 2015 වසරේ දී අගමැති වූවා නම් බහුතරයක් හිමි මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත්කිරීම කිසිඳු ගැටළුවක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ප්‍රශ්න කරයි.

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත්කර ඇත්තේ සම්පූර්ණයෙන්ම ව්‍යාවස්ථාවට අනුකූලව බවත් ඒ සම්බන්ධයෙන් එ.ජා.ප ය එල්ල කරන චෝදනා රටේ ජනතාව නොමග යැවීමේ උත්සාහයක් බවත් ඒ මහතා පෙන්වාදෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රටේ බුද්ධිමත් ජනතාව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ චෝදනා සම්බන්ධයෙන් නිවැරැදිව අවබෝධකරගෙන තිබෙන බවත් හෙට දවසේ පාර්ලිමේන්තුව රැස්කරන්නේ නම් බහුතරය පෙන්වීමට තම කණ්ඩායම සූදානම් බවත්ය.

මේ දිනවල රටේ පවත්න තත්ත්වයත් සමඟ විහේෂයෙන්ම රාජ්‍ය ආයතනවල ගැටළුවක් ඇතිකර ගතයුතු නොවන බව පෙන්වාදුන් ඒ මහතා ඉදිරි දින කිහිපයක තුළ දේශපාලන තත්ත්වය ස්ථාවර වනු ඇති බවත් ඒ අනුව සාමාන්‍ය පරිදි රටේ සෑම තැනකම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට හැකිවනු ඇති බවත් පැවසීය.
 

Comments