වතු කම්කරුවන්ගේ හෙට දවසට අගමැතිගෙන් ස්වර්ණ රේඛාවක් | සිළුමිණ

වතු කම්කරුවන්ගේ හෙට දවසට අගමැතිගෙන් ස්වර්ණ රේඛාවක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ  නව රජයෙන් තමන්ට කැබිනට් ඇමැති ධුරයක් ලබාගන්නා ලෙසට ආරාධනාවක් ලැබුණහොත් එය භාර ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවැසිය.

ආරුමුගන් තොන්ඩමන් මහතා ඒ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ හැටන් නගරයේ දී  තොන්ඩමන් මහතාව අද (28) පිළිගැනීම සඳහා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ තොණ්ඩමන් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවත්, එම පොරොන්දුව කඩිනමින් ඉටු කිරීම සඳහා තම පක්ෂයේ පූර්ණ සහයෝගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන බවයි.

Comments