මිනිස් ජාවාරම් කරන ඒජන්තයන්ගේ නෑදෑයකුටවත් යළි ව්‍යාපාරයට එන්න බෑ | සිළුමිණ

මිනිස් ජාවාරම් කරන ඒජන්තයන්ගේ නෑදෑයකුටවත් යළි ව්‍යාපාරයට එන්න බෑ

මිනිස් වෙළෙඳාමේ යෙදී හසුවන විදේශ රැකියා නියෝජිත ආයතන හිමියන්ගේ ඥාතියකුටවත් යළිත් බලපත්‍ර ලබා නොදීමට හැකි වන පරිදි නීති රෙගුලාසි සකස් කොට ඇතැයි අවලංගු කිරීමටත්,

ඒ අවලංගු කළ අයගේ ඥාතියකුට හෝ යළි බලපත්‍ර නොදීමටත් විදුලි සන්දේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මීට අදාළ 07/2018 නමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර මිනිස් වෙළෙඳාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ‌ලෙස විදුලි සන්දේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ බලධාරීන්ට උපදෙස් දී ඇත.

අයථා ක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා යොමු කර ශ්‍රමය සූරාකෑම, ලිංගික සූරාකෑම හෝ අවයව ලබාගැනීම සිදු කරයි නම් එය මිනිස් වෙළෙඳාම යටතට ගැනෙන, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 (ඇ) වගන්තියට අනුව බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි. කාර්යාංශයේ ස්ථාපිත කර ඇති මිනිස් වෙළෙඳාම මැඬලීමේ ඒකකයට 2018 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ පැමිණිලි 29ක් ලැබී ඇති අතර, ඉන් 12ක් අපරාධ විමර්ශන ඒකකයට යොමු කර ඇත. තවත් පැමිණිලි 15කට අදාළ නීති ක්‍රියාමාර්ග ගැනීම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට යොමු කර ඇති අතර, සමථ අංශය වෙත පැමිණිලි 2ක් යොමු කර ඇත.

Comments