
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වූ සමාලෝචන කමිටුව ඒ විභාගය සම්බන්ධයෙන් සිදු කළ යුතු වෙනස්කම් රැසක් මේ වන විටත් සාකච්ඡාවට බඳුන් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර, ශිෂ්‍යාධාර ලබා දීම සහ ජනප්‍රිය පාසල් ලබා දීම සඳහා වෙන-වෙනම පරීක්ෂණ දෙකක් පැවැත්වීම කෙරෙහි දැඩි අවධානය යොමුව තිබේ. එසේම ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ නම් එය කුමන වසරේදී පැවැත්විය යුතුද යන කරුණද සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.
මේ කමිටු සාමාජික ළමා මනෝ විශේෂඥවරුන් පවසා ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවාගේ මොළයේ ක්‍රියාකාරිත්වයට හානිදායක බලපෑම් ඇති වන බවයි.
කමිටුවේ නිර්දේශ පරිදි මේ වන විටත් ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය බව දැක්වෙන චක්‍රලේඛයද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අහෝසි කර තිබෙන අතර, ඒ අනුව ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට දරුවන්ට බල කිරීමට විදුහල්පතිවරුන්ට හෝ ගුරුවරුන්ට හැකියාවක් නැත.