අනේ කාලේ වනේ වාසේ | සිළුමිණ

අනේ කාලේ වනේ වාසේ

''දහසය අවුරුදු සේවා කාලය තුළ නීතියේ ආධිපත්‍ය සුරැකීමට තමා දැඩි කැපවීමක් සිදු කළ බව ප්‍රකාශ කළ අග්‍ර විනිශ්චයකාර ශිරාණි

බණ්ඩාරනායක අදාළ කාල සීමාවේ නඩු තීන්දු 320ක් පමණ ප්‍රකාශ කර තිබු බව ඈ කීවා ය. පදනම් විරහිතව ඉදිරිපත් වූ දෝෂාභියෝගයක් නිසා සිය සේවා

කාලයෙන් දින 746ක් උදුරා ගැනුණු බවත් තමාට මෙන්ම පවුලේ උදවියට

හිරිහැරවලට මුහුණ පෑමට සිදු වූ බවත් ඈ කීවා ය. රටක් පවතින්නේ නීතියක් ඇති තැනයි; නීතියක් පවතින්නේ

අධිකරණයක් ඇති තැනයි. නීතියක් යනු පොතක ලියැවුණු වචන ගොඩක් නොවේ. අධිකරණයක් යනු, විනිසුරුවරුන් අසුන් ගන්නා ගොඩනැඟිල්ලක් නොවේ. නීතියට, ස්වායත්ත ආධිපත්‍යයක් තිබිය යුතුය.

එහෙත් ඊට හාත්පසින් ම වෙනස් අන්ත දූෂිත තැනකට මෙරට අධිකරණය

දක්කාගෙන ගොස් ගාල් කිරීමේ ඉතිහාසය 'මහින්ද ආණ්ඩුව' සතු ය.

ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වූ

දෝෂාභියෝග ක්‍රියාවලිය අපේ

ව්‍යවස්ථාවට එකඟ නොවන බව

ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටටත්, රටේ

බලධාරීන්ටත් දැනුම් දී තිබිණි. එසේ තිබිය දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශිරාණි බණ්ඩාරනායකව එම

තනතුරෙන් පහ කළේය. රටේ උත්තරීතර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම 'සෙල්ලම් ගෙයක් කඩා දමනවා'වැනි සරල

සංසිද්ධියක් සේ එවක මහින්ද ආණ්ඩුව සැලකීය. එය එසේම කළේය. රටේ

ව්‍යවස්ථාව දැනුවත්ව උල්ලංඝනය කිරීම රාජ ද්‍රෝහීත්වයකි. එහෙත් මහින්ද යුගය ව්‍යවස්ථාව කුණු කූඩෙට දැමූ ඉතිහාසයක් සහිත යුගයකි. ගවයකුට වුව ද

ගැටගසා දැමූ විට 'තණ'උලා කන්නට

සීමාවක් තිබේ.එහෙත් මහින්ද ආණ්ඩුවට එහෙම සීමා තිබුණේ නැත. නිදහස්

ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයකට එරට පාලනයේ ප්‍රධානතම ස්ථානයක් හිමි වේ. ඕනෑම රාජ්‍යයක රාජ්‍ය මූලධර්ම වනුයේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ

අධිකරණයයි. 1978 ව්‍යවස්ථාවේ 105 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ

අධිකරණ පද්ධතිය දැනට ඇති ආකාරයට සකස් විය.''

ජොන්ස්ටන්ගේ කලිසම ගලවලා හිරගෙදර දී හිංසා කරපු අය ගැන අපි බලා ගන්නම්'

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එහෙම කීවේය.

'ආවාම බලාගන්නම්' කියා කරන පාරම්බෑම භීතියක් ගෙන එන ප්‍රකාශයකි. මක්නිසාද යත් රාජපක්ෂ යුගයේ 'කළු දශකය'තාමත් කාටත් මතක නිසා ය. නඩුවෙන් නිදහස් වූ ජොන්ස්ටන් එළියට පැමිණ හරි අපූරු කතාවක් කීවේය.

'දැන් අධිකරණය ස්වාධීනයි.'

කට බොරු කීවත් දිව බොරු නොකියන බවට එයම කදිම උදාහරණයකි.

එකී සාධාරණ බව ගැන කියනු වෙනුවට රාජපක්ෂලා 'ජොනීගේ කලිසම් ගැන කතා කරති.

දිනක් ධනවත් නීතිඥයෙක් තමන්ගෙ සුඛෝපභෝගී රථයෙන් නිවස බලා ගමන් කරද්දී දුප්පත් මිනිහෙක් පාරෙ අයිනක අතින් ගලව ගලවා තණ කොළ කකා ඉන්න ශෝකජනක සිද්ධියක් දුටුවේය. වාහනේ නතර කළ නීතිඥයා වහාම අර මනුස්සයා අසලට කිට්ටු විය.

‘ඔහේ මොකද මේ පාර අයිනෙ තණ කොළ කන්නේ’

‘අපිට කෑම අර ගන්න කියලා සල්ලි නැහැ මහත්තයෝ......’

‘ඔහ්...ඇත්තද... එහෙනං යං මාත් එක්ක අපේ ගෙදර....’

‘අනේ මහත්තයෝ... මගේ ගෑනියි දරුවො තුන්දෙනයි?’

‘හරි හරි... ඒ ගොල්ලන්වත් අරගෙන එනවා ඉක්මණට...’

සියලුදෙනා වාහනයට ගොඩ විය. ඒ මිනිස්සුන්ට මේ සල්ලිකාර නීතිඥවරයා ව පෙනුණේ දෙවියෙක් වගේ ය.

‘මහත්තයෝ.. ඔබතුමා හරිම කරුණාවන්තයි...බොහොම ස්තුතියි අපිව මෙහෙම එක්කගෙන යනවට..’

‘අයියෝ ඒක මොකක් ද....මම හරිම කැමැත්තෙන් මේ වැඩේ කරන්නේ.......ඔහේලට පුදුම සන්තෝසයක් හිතේවි අපේ ගෙදරට ගියාම.....මිදුල පුරා අඩියකට වඩා උසට කොළ පාටට තණ කොළ වැවිල ’ නීතීඥයා කීවේය. මිනිස්සු මුහුණෙන් මුහුණ බලා ගත්හ.

මහින්දලාගේ කතාත් ඒ වගේ ම ය. මිනිසුන් ගවයන් බවත්, තමන් රජුන් බවත් රාජපක්ෂලා සිතති.

බොරුව, රැවටිල්ල අපගේ දේශපාලනය තුළ පොදු අත්දැකීමක් වුවත් එම රැවටිලිකාරි හැකියාව අතින් මහින්ද රාජපක්ෂ තරම් කෙළ පැමිණියකු මෑත කාලයේ හමු නොවන තරම් ය. නිසැක ව ම දෙබිඩිකම් පිළිබඳ වන හිටපු ජනාධිපතිවරයාගේ කෙරුවාව මහාවංශය තරම් දිගු එකකි. මහින්දට පමණක් නොව රාජපක්ෂ දේශපාලනයේ ආදි කර්තෘවරුන්ට ද මේ රැවටිලිකාරි ගුණය අඩු නැතිව පිහිටා තිබිණි. කුරහන් සාටකය පිළිබඳ කතාන්දරය ම ඊට නිදර්ශනයකි. රාජපක්ෂවරුන් කුරහන් සාටකය පැලඳීම ඇරැඹුවේ ගිරුවාපත්තුවේ හා මාගම්පත්තුවේ අහිංසක ගෝවීන් නියෝජනය කිරීමට යැයි කීව ද ඒ පිළිබඳ වන ඇත්ත කතාන්දරය වෙනස් එකකි. වර්ණ ක්‍රමයක් මත මැතිවරණ පැවැත්වූ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ ඩී. එම්. රාජපක්ෂ මහතා මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ තමන්ට ලැබෙන පාට කුමක්දැයි ඔහු එවකට එහි සිටි හඩ්සන් නමැති ඒජන්තවරයාගෙන් විමසා තිබිණි.

“උඹේ පාට ද? මේ තියෙන්නෙ” යනුවෙන් අවඥාවෙන් පවසමින් එවිට ඔහු තම කකුල මේසය මතට රැගෙන සපත්තුවේ පැහැය පෙන්වා තිබේ. දුඹුරු පැහැයට හුරු එම සපත්තුවේ පැහැය වර්ණය ලෙස හිමි වූ පසු ශූර දේශපාලන කපටියකු වූ ඩී. එම්. රාජපක්ෂ අහම්බෙන් ලැබුණු පාට තම වාසියට හරවා ගත්තේ තමන් රුහුණු මාගම් ගිරුවා පත්තුවේ ගොවීන්ව නියෝජනය කරන බව පවසමිනි. එම කාරණය පිළිබඳ දීර්ඝ විස්තරයක් ලෙනාඩ් වුල්ෆ් ලියා ඇති අතර ප්‍රකට ලේඛක විජේසිංහ බෙලිගල්ල විසින් එය සිංහලයට පරිවර්තනය කරන ලදී. එතැන් සිට කුරහන් සාටකය දේශපාලනයේ දී රාජපක්ෂවරුන්ගේ පේටන්ට් අයිතියට නතු වූ අතර තමන්ගේ පක්ෂයේ කෙනෙකුට පවා එය භාවිත කළ නොහැකි විය. වරක් මහින්ද රාජපක්ෂ සමීපතම හිතවතකු වූ එම්. කේ. රංජිත් හෙවත් චණ්ඩි මල්ලි සාටකය සහිත තම ඡායාරූපයක් ප්‍රචාරාත්මක පුවරුවක පළ කළ බව දැනගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා වහා එය ගැලවීමට අණ කළ බව ප්‍රසිද්ධ කාරණයකි. හම්බන්තොට කුරහන් ගොවීන්ගේ දුක, වේදනාව හා ඔවුන්ගේ අස්වැන්නේ පැහැය තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් අනුකම්පා විරහිතව භාවිත කළ ද දස වසරක් රට පාලනය කළ සමයෙහි හෝ ඔවුනට රාජපක්ෂවරුනගෙන් අත්වූ සෙතක් නොමැති තරම්ය. හම්බන්තොට කුරහන් ගොවීන් තම නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිව ලතවෙද් දී ඉන්දියාවෙන් කුරහන් ආනයනය කිරීමට තරම් පැය විසිහතර පුරාම දේශීයත්වය පිළිබඳ නන්දොඩවන ජනාධිපතිවරයකුගේ හිත එසමයෙහි ගල් වී තිබිණි.

බුදුදහම හිස මත තබාගත් මහින්ද රාජපක්ෂගේ හොඳම මිතුරකු වූයේ කැසිනෝ රජෙකු වූ ජේම්ස් පැකර් ය. ඉල්ලා සිටි සියලු බදු සහන ලබා දෙමින් පැකර්ගේ ආයෝජන මෙරටට රැගෙන ඒමට රාජපක්ෂලා උපරීමයට උත්සාහ කළ බව රටට නොරහසකි. බදු වර්ග දහයක විරාමයක් ලබා දුන් එ් ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් දශකයක් තුළ ඩොලර් බිලියනයකට වඩා වැඩි බදු ආදායමක් අහිමි වීමට ඉඩ තිබිණි. ලංකා රජය හා පැකර් අතර වූ එකඟතාව ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට “ද ඒජ්” පුවත්පත හඳුන්වා තිබුණේ ‘අරුම පුදුම’ “පෙම් ගිවිසුමක්” ලෙස ය. අනෙක් අතට, මතට තිත යන්න මහින්ද චින්තනයේ ප්‍රධාන තේමාවක් වුවද එය ද කිසි දිනෙක මහපොළොවේ ඇත්තක් වූයේ නැත. ලොව මත්පැන් පරිභෝජනය වැඩිම රටක් බවට ලංකාව පත්වූයේ ඔහුගේ යුගයේදී ය. මත්පැන් නිෂ්පාදනාගාර තැබෑරුම් දුසිම් ගණනින් තිබු ඇමැතිවරු ඒ යුගයේ සිටි අතර එතනෝල් හොරෙන් ගෙන්වීම පිළිබඳ විවිධ කතා වරින්වර පැතිරුණ ද මහින්ද චින්තනයේ දේශප්‍රේමයේ බලයෙන් ඒ සියල්ල යටපත් විණි.

දෙබිඩි චරිතවල හැටි ඒක ය.

ජාත්‍යන්තරයට ප්‍රහාර එල්ල කරන අතරතුර ඒ සමඟ අවබෝධාත්මක ගනුදෙනුවකද රාජපක්ෂලා නිරත විය. ඒ රටට හොරා ය. යුද්ධය නිමා වූ පසු බැන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙරටට පැමිණි පසු ඔහු සමඟ ඒකාබද්ධ ලියවිල්ලක් අත්සන් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් මතු කරන කාරණා සම්බන්ධයෙන් සංවේ දී වන බවට ඔහු එකඟතාවකට පැමිණියේ ය. 2010 වසරේ මැයි 15 දින උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ස්ථාපිත කිරීම එහි එක් පියවරක් විය. එක් පසකින් එසේ ජාත්‍යන්තරය සැනසුව ද මහින්ද රටේ ජනතාව හමුවේ අලෙවි කළේ දේශප්‍රේමය ය. අප ඒ සියල්ල විස්තර කළේ මහින්දගේ දෙබිඩි බව විස්තර කිරීමට ය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහි යුද අපරාධ චෝදනාවලට පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව දිගින් දිගට ම පැවසු මුත් අතුරුදන් වූවන් සොයා බැලීම සඳහා කොමිසමක් පත්කරමින් එහි කාර්යභාරය හා විෂය පථය ඊට උපදෙස් ලබාදීමට පසුව එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණයන්හි කටයුතු කළ අධි චෝදකයින් තිදෙනෙකුව උපදේශකයන් ලෙස නම් කර එ් කමිටුව පිහිටුවනු ලදී. රාජපක්ෂ එසේ කළේ 2/3ක බලයක් තිබු තම පාර්ලිමේන්තුව හෝ දැනුවත් නොකර ය.

උතුරු නැ‍ඟෙනහිර ගැටලුවලට විසඳුමක් ලෙස දේශපාලන විසඳුමක් පිළිබඳ සංවාද මතු වූ සෑම මොහොතකම මහින්දගේ ස්ථාවරය වැනෙනසුලු එකක් විය.

ඉන්දියාවට ගොස් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යෑමට එහි නායකයන්ට පොරොන්දු වූ මුත් රට අභ්‍යන්තරයේ දී එවැන්නකට කිසිදු උනන්දුවක් නොදක්වන ලදී.

දැන් 'වීරයා'වන්නට තනන්නේ එකී 'දෙබිඩි'දේශපාලකයා ය.

තමන්ට අවාසිදායක යැයි හැඟෙන තීන්දුවක් දුන් සැනින් රාජපක්ෂවාදීහූ සසල වෙති. අධිකරණයට ‘ගල්‘ගසති. චෝදනා නඟති; උපහාස කරති; තමන්ට වාසිදායක තීන්දුවක් දුන් කළ අධිකරණයට 'මල්' ඉසිති.! ගරු කරති.

ජොන්ස්ටන්ගේ කතාව ද පෙන්නුම් කරන්නේ එකී තත්ත්වයයි.

සත්‍ය කාරණය නම් අද අධිකරණය ස්වාධීන යන්න ය. එය පිළිගත හැකි, පිළිගත යුතු ඇත්ත ය.

අප ජීවත් වන්නේ මෙරට අගවිනිසුරුවරියට එරෙහිව අට පාස් උදවිය නඩු අසා තීන්දු දී එළවා දැමූ ඉතිහාසයක් සහිත රටක ය. එමතු නොව එලෙස එළවා දමා 'කැවුම් කිරිබත්ඟිල දැමූ පාපතරයන් තවමත් වසන රටක ය.

දහසය අවුරුදු සේවා කාලය තුළ නීතියේ ආධිපත්‍ය සුරැකීමට තමා දැඩි කැපවීමක් සිදු කළ බව ප්‍රකාශ කළ අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක අදාළ කාල සීමාවේ නඩු තීන්දු 320ක් පමණ ප්‍රකාශ කර තිබු බව ඈ කීවා ය. පදනම් විරහිතව ඉදිරිපත් වූ දෝෂාභියෝගයක් නිසා සිය සේවා කාලයෙන් දින 746ක් උදුරා ගැනුණු බවත් තමාට මෙන්ම පවුලේ උදවියට හිරිහැරවලට මුහුණ පෑමට සිදු වූ බවත් ඈ කීවා ය.

රටක් පවතින්නේ නීතියක් ඇති තැනයි; නීතියක් පවතින්නේ අධිකරණයක් ඇති තැනයි. නීතියක් යනු පොතක ලියැවුණු වචන ගොඩක් නොවේ. අධිකරණයක් යනු, විනිසුරුවරුන් අසුන් ගන්නා ගොඩනැඟිල්ලක් නොවේ. නීතියට, ස්වායත්ත ආධිපත්‍යයක් තිබිය යුතුය.

එහෙත් ඊට හාත්පසින් ම වෙනස් අන්ත දූෂිත තැනකට මෙරට අධිකරණය දක්කාගෙන ගොස් ගාල් කිරීමේ ඉතිහාසය 'මහින්ද ආණ්ඩුව' සතු ය.

ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වූ දෝෂාභියෝග ක්‍රියාවලිය අපේ ව්‍යවස්ථාවට එකඟ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටටත්, රටේ බලධාරීන්ටත් දැනුම් දී තිබිණි. එසේ තිබිය දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශිරාණි බණ්ඩාරනායකව එම තනතුරෙන් පහ කළේය.

රටේ උත්තරීතර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම 'සෙල්ලම් ගෙයක් කඩා දමනවා'වැනි සරල සංසිද්ධියක් සේ එවක මහින්ද ආණ්ඩුව සැලකීය. එය එසේම කළේය.

රටේ ව්‍යවස්ථාව දැනුවත්ව උල්ලංඝනය කිරීම රාජ ද්‍රෝහීත්වයකි. එහෙත් මහින්ද යුගය ව්‍යවස්ථාව කුණු කූඩෙට දැමූ ඉතිහාසයක් සහිත යුගයකි. ගවයකුට වුව ද ගැටගසා දැමූ විට 'තණ'උලා කන්නට සීමාවක් තිබේ.එහෙත් මහින්ද ආණ්ඩුවට එහෙම සීමා තිබුණේ නැත.

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයකට එරට පාලනයේ ප්‍රධානතම ස්ථානයක් හිමි වේ. ඕනෑම රාජ්‍යයක රාජ්‍ය මූලධර්ම වනුයේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයයි. 1978 ව්‍යවස්ථාවේ 105 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දැනට ඇති ආකාරයට සකස් විය.

ජනතාව ගැන හෝ නීතිය ගැන තියා, අඩු වශයෙන් පූජනීය යැයි සැලකෙන අතීත සම්ප්‍රදායය ගැනවත් තැකීමක් නොකළ ඉතිහාසයක් ඉකුත් ආණ්ඩුව සතු වෙයි. ඊට කදිම, සමීපතම උදාහරණය එවක, අංක 1807/39 යටතේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට නිලවරණයකින් තොරව තවදුරටත් කතරගම දේවාලයේ බස්නායක තනතුරේ රැඳී සිටීමට හැකි වන ආකාරයෙන්, පනත් සැකසීම ය.

නීතිය යටතේ ශෂීන්ද්‍ර රාජපක්ෂට එක විට මහ ඇමැති ධුරය සහ බස්නායක නිලමේ ධුරය දැරිය නොහැක්කේ ය. එහෙත් එවක ආණ්ඩුව, ඒ නීතිමය බාධකයත් තවත් ගැසට් නිවේදනයකින් (1614/30= 2009 අගෝස්තු 14) අවලංගු කෙළේ ය.

නීතිය අතට ගන්නෝ, සාහසිකයෝ ය; නරුමයෝ ය; උන් දන්නා සදාචාරයක් හෝ මානව ගුණයක් නැත. ගෙවී ගිය ආණ්ඩු යුගය එවැන්නන් රජකම් කළ යුගයක් ය. 2015 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු මෙරට නීති පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කර ඇති බව ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

ඒ අනුව ගත් විට අධිකරණයේ පැහැරූ යුගය වෙනස් කිරීම ම අරුමයකි.

ජොනීගේ තීන්දුවට අනුව අධිකරණය ස්වාධීන බව පිළිගන්නා අය ම දුමින්දගේ තීන්දුවේදීත් එය පිළිගන්නේ නම් මොනතරම් අපූරුද?

වචන තමන්ට වාසිදායක ලෙස පෙරළා ගන්නට මහින්දලා තරම් සමත් අන් කිසිවෙක් නැත. අරුමෝසම් වචනවලින් ඔව්හූ දශකයකට වැඩි කලක් රට කරගෙන ගියෝය. අන්තර්ජාතික බලපෑම්, විජාතික කුමන්ත්‍රණ, විදුලි පුටුව, ජාත්‍යන්තර අධිකරණ, දේශප්‍රේමය, ආසියාවේ ආශ්චර්යය යනා දී දහසකුත් එකක් වචන ඔවුහූ සිය පැවැත්ම වෙනුවෙන් යොදා ගත්හ. වචන මිස ඒවායේ යථාර්ථයක් නොවිණි. දැන් පරාජිතව පවා ඔවුහූ ඒ වචන එක්ක ම සෙල්ලම් කරති; නං දොඩවති; වාචාල කියති.

රජය විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කළ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවද මහින්ද පිල යකා නැටූහ.

මහාධිකරණය හමුවේ ඉතා ඉක්මනින් විභාග කර තීන්දු ලබාදියයුතු විශේෂිත නඩු ඉතා ඉක්මනින් අසා නිම කිරිමත් අදාළ චූදිතයන්ට දඬුවම් කිරීමත් අපේක්ෂාවෙන් සංශෝධන මඟින් නව මහාධිකරණයක් පිහිටුවන විට ඊට එරෙහි වන්නේ හොරු මිස වෙන කවුරුන්ද?

Comments