
විසිරුවා හරින ලද සහ ඉදිරියේදී විසුරුවා හැරීමට නියමිත පළාත් සභා සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී පළපරුදු විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරීන් පත් කළ යුතුයැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් සිළුමිණට පැවසීය.
මේ පළාත් සභා විසුරුවා හළ පසු එහි වගකීම ආණ්ඩුකාරවරුන් මත මුළුමනින්ම පැවරෙන අතර, එහිදී පරිපාලනය පිළිබඳ අත්දැකීම් රහිත පුද්ගලයන් පළාත් ආණ්ඩුකාරවරුන් ලෙස පත් වීමේදී ඒ පළාත් සභාවලට අදාළ පරිපාලන කටයුතු සිදු කිරීමේ විශාල ගැටලු ඇති වන බවත් මේ නිලධාරියා පෙන්වා දුන්නේය.
එමඟින් පළාත් සභාව තුළ ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට මෙන්ම මහජනතාවටද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වීම තම අත්දැකීම බව සඳහන් කළ මේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ නැවත පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන තෙක් ඒ යටතේ පවතින බොහෝ ආයතන අකාර්යක්ෂම තත්ත්වයට පත් වන බවයි.
මේ තත්ත්වය අවම කර යළි පළාත් සභා පිහිටුවාගන්නා තෙක් ඒ පළාත් සභාවල ආණ්ඩුකාවරුන් ලෙස පළාත් සභා සම්බන්ධයෙන් සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් පත් කිරීම ඊට හොඳම විකල්පයක් බව පෙන්වා දුන් මේ නිලධාරියා රජයේ අවධානය මේ කෙරෙහි යොමු විය යුතු බවද අවධාරණය කළේය.