ක්‍රිකට් බුකි කප්පිත්තන් අතර කාන්තාවොත් | සිළුමිණ

ක්‍රිකට් බුකි කප්පිත්තන් අතර කාන්තාවොත්

ක්‍රිකට් දූෂණය කරන ක්‍රියාශීලිම බුකිකරුවන් විසිදෙනා අතර කාන්තාවන් කීපදෙනෙකු ද සිටින බව අයි.සී.සී. දූෂණ මර්දන ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් පවසයි.

ඔහු ඒ බව හෙළි කර තිබුණේ පසුගියදා ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.

මේ පාවාදීම් සිදුවී ඇත්තේ ක්‍රිකට් සූදුවේ බලය අත්කරගත් ඉන්දීය ඔට්ටුකරුවන් මඟින් පමණක් නොවන බවත්, දේශීය ඔට්ටුකරුවන් ද මේ අතර සිටින බවත් අයි.සී.සීය පවසයි. එම දේශීය ඔට්ටුකරුවන් ද මේ වන විට හඳුනාගෙන සිටින බව අයි.සී.සී.ය ප්‍රකාශ කරයි. ලෝකයේ ප්‍රබලම බුකිකරුවන් 6 දෙනා සම්බන්ධ විස්තර ඡායාරූප සමග ඉදිරිපත් කරන අයි.සී.සී.ය දැනට මේ ආකාරයට සක්‍රීයව බුකි පවත්වාගෙන යන පුද්ගලයන් 20 දෙනකු ගැන ක්‍රීඩකයන් දැනුවත් කර තිබේ.

තොරතුරු ලබා ගැනීමේ පහසුව සලකා මේ බුකි කරුවන් සම්බන්ධව රටේ ආගමන විගමන අංශ දැනුවත් කිරීමටද කටයුතු කර ඇත.

අයි.සී.සී දූෂණ විමර්ශන ප්‍රධානියාට අනුව පසුගිය දෙවසර තුළ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවෙහි වැඩිවශයෙන්ම පාවාදීම් වාර්තා වී ඇත්තේ ලංකාවෙනි. දෙවන ස්ථානයේ පසුවන්නේ සිම්බාබ්වේ ය.

Comments