
දකුණු ආසියානු කලාපයේ මෙන්ම අනෙකුත් කලාපයන්හි ගුවන් ආරක්ෂාව පිළිබඳ උපාය මාර්ග ශ්‍රී ලංකාවටද හඳුන්වා දීමේ අරමුණින් පැවැත්වෙන කොළඹ ගුවන් සම්මන්ත්‍රණය 18 සහ 19 දෙදින අත්තිඩිය ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා පවසයි. මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
විශේෂයෙන්ම ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව මෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ උපාය මාර්ග සහ ගුවන් රාජ්‍යතාන්ත්‍රිත භාවය ඇතුළු ආරක්ෂාවට අත්‍යවශ්‍ය වන සියලුම ශිල්පීය ක්‍රම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට බඳුන්වන බවද ඒ මහතා කීය.
එසේම මේ පර්යේෂණ සැසිය සඳහා ලෝකයේ රටවල් රැසකින් සහභාගි වන බවත් ඒ අතුරින් ඕස්ට්‍රේලියාව බංග්ලාදේශය, ජපානය, නේපාලය, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් විසින් පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කර ඇති බවද ජයම්පති මහතා කීය.