ක්‍රීඩාවට දුන් සල්ලිවලින් බාගයක්ම ආපසු භාණ්ඩාගාරයට යයි | සිළුමිණ

ක්‍රීඩාවට දුන් සල්ලිවලින් බාගයක්ම ආපසු භාණ්ඩාගාරයට යයි

ක්‍රීඩා අමාත්‍යාංශයට පසු ගිය අයවැයෙන් වෙන් කළ මුදලින් 52%ක මුදලක් භාවිතයට නොගෙන ආපසු භාණ්ඩාගාරය වෙත යවා ඇතැයි සිළුමිණට වාර්තා වේ.

පසුගිය අයවැයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් 448,43,72000ක් (මිලියන 4485ක් පමණ) වෙන් කර ඇති අතර එයින් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා මිලියන 2665ක් වෙන් කර ඇත. එසේ වුවත් මේ මුදලින් අඩක්වත් ක්‍රීඩාවේ උන්නතියට නොගෙන ආපසු භාණ්ඩාගාරය වෙත යැවීමට කටයුතු කර තිබේ. විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල ක්‍රීඩාවේ සංවර්ධන කටයුතු සිදු කිරීමට ලබා දුන් මුදල් පවා මේ නිසා ප්‍රයෝජනයට නොගෙන ආපසු යවා ඇත.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එච්.ටී. කමල් පද්මසිරි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ අය වැයෙන් වෙන් කළ මුදලින් 50%කට වඩා මුදලක් ප්‍රයෝජනයට නොගැනීම සත්‍ය බවත් එසේ වූයේ මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම සඳහා ටෙන්ඩර් ප්‍රදානය ප්‍රමාද වූ නිසා බව පැවසුවේය.

 

Comments