DIG නාලක, නාමල් සමඟ 8 වැනිදා උසාවියට | සිළුමිණ

DIG නාලක, නාමල් සමඟ 8 වැනිදා උසාවියට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධි බළකායේ නාමල් කුමාර යන දෙදෙනාට ලබන 08 වනදා (සඳුදා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණෙවිය ඉකුත් සිකුරාදා නියෝගයක් නිකුත් කළාය.

පසුගිය 12 වැනිදා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් නාලක සිල්වා සහ තමා අතර වූ හඬ පට හුවමාරුවක් ගැන නාමල් කුමාර කළ හෙළිදරවුවත් සමඟ රට තුළ මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.

හඬපටවලට අදාළ නම් කියැවුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙපළක් ඇතුළු පොලිස් නිලධාරීන් දසදෙනකුගෙන් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඉදිරි දින කීපය තුළදී නාලක සිල්වාගේ සහ නාමල් කුමාරගේ හඬ පටවල රස පරීක්ෂක වාර්තා ලැබුණු පසු මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු කඩිනම් වන බවට සැල වේ.

Comments