දිස්ත්‍රික්ක 12කට මිලියන 42ක් ගංවතුර ආධාර | සිළුමිණ

දිස්ත්‍රික්ක 12කට මිලියන 42ක් ගංවතුර ආධාර

ගංවතුරෙන් හානි වූ දිස්ත්‍රික්ක 12ක ජනතාවට පිසූ ආහාර, වියළි ආහාර, පානීය ජලය, රෙදිපිළි හා ගොඩනැඟිලි හානි ලෙස රුපියල් දස ලක්ෂ 42ක් පමණ බෙදාදී ඇතැයි ආපදා සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පවසයි.

දිස්ත්‍රික්ක 12‍ක 75,000ක් දෙනා පසුගිය සතියේ පැවති ගංවතුර හේතුවෙන් පීඩාවට පත් වූ අතර, නිවාස 50ක් සම්පූර්ණයෙන් විනාශ විය. ඊට අමතරව නිවාස 26,350කට අර්ධ හානි සිදු වූ අතර, ව්‍යාපාර 633ක්ද අඩාළ වී තිබේ. මේ සියලු දෙනාට රුපියල් දසලක්ෂ 25.5‍ක් ලබාදෙන අතර, ඉතිරි දේපොළ වන්දි ජාතික රක්ෂණ භාරකාර අරමුදල මඟින් ලබාදීමට නියමිත බවත් චමින්ද පතිරාජ මහතා පවසයි.

 

Comments