
කොළඹ වරාය 2017 ජනවාරි - ජූනි මාස අතර ප්‍රතිඅපනයනය කළ බහලුම් ගණන ලක්ෂ 22.8ක් වූ අතර, ඒ ප්‍රමාණය 2018 ජනවාරි හා ජූනි අතර ලක්ෂ 27.3 දක්වා ඉහළ නැඟ තිබේ. ඒ අනුව ඒ මාස 6 පිළිබඳව සැසඳීමේදී බහලුම් ප්‍රතිඅපනයනයේ 20%ක ප්‍රගතියක් පෙන්නුම් කරයි.
ඊට අමතරව කොළඹ වරායේ සමස්ත ප්‍රතිනැව්ගත කිරීම සඳහා කළ බහලුම් (කන්ටේනර්) මෙහෙයුම් ගණනද 20.4%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව 2017 ජනවාරි මාසයේ කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් ගණන 362,457ක් වූ අතර, ඒ ප්‍රමාණය 2018 ජනවාරි මාසයේදී 436,303 දක්වා වැඩි වී තිබේ. ඊට අමතරව කොළඹ බහලුම් මෙහෙයුම් ධාරිතාවද 2017 ජනවාරි මාසයට වඩා 2018දී 24.8%ක් වැඩි බව පෙන්නුම් කර ඇත. ඒ අනුව 2017 ජනවාරි මාසයේදී බහලුම් 156,010ක් කොළඹ වරාය මෙහෙයවා ඇත.
2018හි ඒ ප්‍රමාණය 194,688 දක්වා ඉහළ ගොස් තිබේ. මේ සියලු ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් කොළඹ වරායට බහලුම් මෙහෙයුම් ප්‍රවර්ධනය අතින් පසුගිය මාස හයේ ලොව ප්‍රථම ස්ථානය හිමි කරගැනීමටද හැකි විය.