මවු කිරි දීමෙන් අපේ අම්මලාට මුල්තැන | සිළුමිණ

මවු කිරි දීමෙන් අපේ අම්මලාට මුල්තැන

2012 වසරේ සිට මේ දක්වා මවුකිරි දීමේ දර්ශක අතර ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 76ක් අබිබවා ප්‍රථම ස්ථානය ලබා ඇතැයි කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය සිළුමිණට පැවැසුවාය. මෙහිදී දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ කියුබාවයි.

මේ අතර දියර කිරි දීම සම්බන්ධයෙන් 2012 වස‍රේ international baby food action network ආයතනය මඟින් කරන ලද සමීක්ෂණයේදීද ශ්‍රී ලංකාව රටවල් 55ක් අතුරින් පළමු තැනට පත් විය.

අලුත උපන් දරුවකුට පළමුව ලබාදිය හැකි ප්‍රතිශක්තිකරණය වශයෙන් සැලකෙන මවුකිරි දරුවා උපත ලබා ප්‍රථම පැයේදී ලබාදීමෙන් හා නිසියාකාරව මවුකිරි දීමෙන් ලංකාවේ ළදරු මරණ අනුපාතිකය සජීව දරු උපත් 1000ට මරණ 5 දක්වා අඩු වී ඇති බවත්, ලෝකයේ වසරකට සිදු වන ළදරු මරණ සංඛ්‍යාව මවුකිරි දීම හේතුවෙන් ලක්ෂ 8 පමණ අඩු වී ඇති බවත් වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය කීය.

Comments