‘ගිනි කන’ රෝහල් අල්ලන්න පිය­වර | සිළුමිණ

‘ගිනි කන’ රෝහල් අල්ලන්න පිය­වර

 

නිය­මිත මිල ගණ­න්ව­ලට පට­හැ­ණිව රෝගී­න්ගෙන් අය කිරීම් සිදු කරන පෞද්ග­ලික රෝහ­ල්ව­ලට එරෙ­හිව ක්ෂණික නීති පිය­වර ගැනී­මට බලය පැවරූ විශේෂ විම­ර්ශන ඒක­ක­යක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ ස්ථාපිත කිරී­මට නිය­මිත බව එම අමා­ත්‍යාංශ ආරංචි මාර්ග සඳ­හන් කරයි.

මේ විශේෂ විම­ර්ශන ඒක­ක­යට බලය පැව­රී­මට පෞද්ග­ලික රෝහල් ආඥා පනත සංශෝ­ධ­නය කිරීම සඳහා විශේ­ෂඥ කමි­ටු­වක් වෙත ඉදි­රි­පත් කොට ඇති අතර, එහි නිර්දේශ මේ සතිය මැද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනා­රත්න මහතා වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

එමෙන්ම පෞද්ග­ලික රෝහල් තුළ සිදු කෙරෙන ප්‍රති­කාර කට­යුතු, වෛද්‍ය පරී­ක්ෂණ සහ ශල්‍ය­කර්ම සඳහා සිදු කෙරෙන අය­කි­රී­ම්ව­ලට නිශ්චිත මිල සූත්‍ර­යක් පැන­වී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ අව­ධා­නය යොමු වී ඇති බවද එම ආරං­චි­මාර්ග පව­සයි.

Comments