
අධිකරණ කටයුතුවලදී අදාළ පුද්ගලයන් නිවැරැදි ලෙස ජෛව විද්‍යාත්මකව හඳුනාගැනීමට භාවිත කෙරෙන න්‍යෂ්ටික අම්ල (ඩීඑන්ඒ) පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත මසකට ලැබෙන යොමු කිරීම් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩි වී ඇති බව රජයේ අතිරේක රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්ලිව්. ජයමාන්න මහතා සිළුමිණට අනාවරණය කළේය.
පසුගිය වසරේ මසකට නඩු 50–60 පමණ ප්‍රමාණයක සාම්පල ‘ඩීඑන්ඒ’ පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණු අතර, මෙම වසරේ එම සංඛ්‍යාව මසකට 120 දක්වා ඉහළ ගොස් ඇතැයිද ජයමාන්න මහතා කීය.
ඒ මහතා පවසන අන්දමට ‘ඩීඑන්ඒ’ වාර්තා මඟින් ලැබෙන ප්‍රතිඵල, ඇඟිලි සලකුණු සටහන් සේම සියයට සියයක්ම නිවැරැදි සාක්ෂි සටහන් ලබාගත හැකි නිසා, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, සොරකම්, වාහන අනතුරු, මාතෘ-පිතෘභාවය අනාවරණය කිරීම් ආදි සියලු අපරාධ හඳුනාගැනීමට ‘ඩීඑන්ඒ’ පරීක්ෂණවලට යොමු වීමේ ප්‍රවණතාවක් පවතින අතර, රස පරීක්ෂක වාර්තා සැකසීමට අවශ්‍ය ජෛව රසායන ද්‍රව්‍ය අඛණ්ඩව නොලැබීම හා පුහුණු රසායනාගාර විද්‍යාඥයන්ගේ ප්‍රමාණය අඩුවීම හේතුවෙන් අධිකරණයට ප්‍රතිඵල වාර්තා සැපයීමේ ප්‍රමාදයක්ද සිදු වේ. ‘ඩීඑන්ඒ’ පරීක්ෂණ සඳහා විදේශවලින් ආනයනය කරනු ලබන ජෛව රසායන ද්‍රව්‍ය ඉතා ඉහළ මිලකින් යුක්ත වන නිසා, ඒවා අඛණ්ඩව කඩිනමින් සපයාගැනීමේ ගැටලුවකටද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මුහුණපා ඇත.