
දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරිවරයා ලෙස ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) ලෙස කටයුතු කළ ඩිලන්ත ප්‍රනාන්දු මහතා දුම්රිය සේවයේ වසර තිහකට අධික කාලයක් සේවය කර ඇති ඉංජිනේරුවකු වන අතර ඔහු විසින් ‘බොක්ස් ආසන’ පහසුකම් සහිත වායු සමීකරණ දුම්රිය මැදිරි මෙරටදී නිෂ්පාදනය කිරීමටද පියවර ගත්තේය.
ඊට අමතරව දුම්රිය නවීකරණ කටයුතු රැසකට සම්බන්ධව කටයුතු කළ ඒ මහතා දුම්රිය සේවාවේ ඉංජිනේරු අංශයේ බොහෝ නඟා සිටුවීම් සඳහා දායකත්වය ලබා දුන් අයෙකි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් විසින් සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණයක් මඟින් ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඉහළම සුදුසුකම් ඇති අයකු බවට නිර්දේශ කිරීමෙන් පසු ඔහු මේ තනතුරට පත් කරන ලදී.
ඔහු නව තනතුරේ වැඩ බාර ගැනීම හෙට (3 ) උදෑසන සිදු කෙරේ.