
අපේ වෛද්‍ය සභාවට වෛද්‍යවරුන් නොවන, ගැළපෙන පිරිස් පත් කිරීම මඟින් එය ස්වාධීන බවට මෙන්ම ජගත් ප්‍රමිතියට පත් කළ හැකි බව ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි.
දැනට වෛද්‍ය සභාව පාලනය කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත්, ඔවුන් ඡන්දයකින් නිලධාරීන් තෝරාගන්නා නමුත්, අද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එක් දේශපාලන පක්ෂයක වුවමනා-එපාකම් අනුව කටයුතු කරන බවත් වැලිඅමුණ මහතා කියා සිටී.
ඒ සඳහා වෛද්‍ය සභා පනතේ 12, 13 වගන්ති දෙකද සංශෝධනය විය යුතු බවත්, වෛද්‍ය වෘත්තික නොවන වෘත්තීන් නියාමනයට තිබෙන බලයද වෙනස් විය යුතු බවත් වැලිඅමුණ මහතා ප්‍රකාශ කළේය.