වෛද්‍ය සභා­වට වෛද්‍ය­ව­රුන් නොවන අයත් පත් කළ යුතුයි | Page 3 | සිළුමිණ

වෛද්‍ය සභා­වට වෛද්‍ය­ව­රුන් නොවන අයත් පත් කළ යුතුයි

අපේ වෛද්‍ය සභා­වට වෛද්‍ය­ව­රුන් නොවන, ගැළ­පෙන පිරිස් පත් කිරීම මඟින් එය ස්වාධීන බවට මෙන්ම ජගත් ප්‍රමි­ති­යට පත් කළ හැකි බව ජනා­ධි­පති නීතිඥ ජේ.සී. වැලි­අ­මුණ මහතා පව­සයි.

දැනට වෛද්‍ය සභාව පාල­නය කරන්නේ රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය බවත්, ඔවුන් ඡන්ද­ය­කින් නිල­ධා­රීන් තෝරා­ගන්නා නමුත්, අද රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මය එක් දේශ­පා­ලන පක්ෂ­යක වුව­මනා-එපා­කම් අනුව කට­යුතු කරන බවත් වැලි­අ­මුණ මහතා කියා සිටී.

ඒ සඳහා වෛද්‍ය සභා පනතේ 12, 13 වගන්ති දෙකද සංශෝ­ධ­නය විය යුතු බවත්, වෛද්‍ය වෘත්තික නොවන වෘත්තීන් නියා­ම­න­යට තිබෙන බල­යද වෙනස් විය යුතු බවත් වැලි­අ­මුණ මහතා ප්‍රකාශ කළේය.

Comments