ආයෙත් වහලෙට නැග්ග මහ උළු ගෙදර මෝර ගෑනු | සිළුමිණ

ආයෙත් වහලෙට නැග්ග මහ උළු ගෙදර මෝර ගෑනු

 වැලි­කඩ හිර­ගෙ­දර ගැහැනු වහ­ලෙට නැගීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබේ. ගස් අතු දිගේ බඩ ගා තාප්ප උඩ නග­ිමින් වහ­ලෙට නැගි කාන්තාවෝ යළිත් බිමට බැස කළ වැරැද්ද ගැන සමා­වද ගත්හ; යළිත් එවැනි වැඩ නොකි­රී­මට පොරො­න්දුද වූහ. කවු­රුත් සිතුවේ දැන් වැලි­කඩ සන්සුන් කියාය. මාධ්‍ය මඟින් දිගින් දිගට ඒ ගැන කතා කිරී­මද ක්‍රම­යෙන් අඩු විය.

‘අන්න වැලි­කඩ ගෑනු ආයෙ­මත් වහ­ලෙට නැගලා. ජේල­ර්ලට මුත්‍රා­ව­ලින්, මිරිස් කුඩු වතු­රෙන් හෙමත් ගහ­ලලු!’

යළිත් ගැහැ­නුන් හිර­ගෙ­දර වහ­ල­යට නැඟ හර්තාල් කිරීම එක්තරා අන්ද­මින් විහි­ළු­වකි.

‘වහලේ උඩ නොවේ, කොහේ නැග්ගත් බන්ධ­නා­ගා­ර­වල හොර­වැඩ නව­ත්ව­නවා.’

බන්ධ­නා­ගාර භාර ඇම­ති­නි­යගේ ප්‍රකා­ශය ඇග­යිය යුත්තකි. ඇය ඒ වෙනු­වෙන් පසු­ගිය දින­වල යම් යම් ක්‍රියා­මා­ර්ගද ගත්තාය.

කෙසේ වුවත් දරු­ව­නුත් කර­පි­න්නා­ගෙන වැලි­කඩ ගැහැ­නුන් මෙහෙම වහලෙ නඟින්නේ ඇයි? ඔවුන්ගේ ඉල්ලීම් මොන­වාද? ඒ ඉල්ලන ඉල්ලීම් සාධා­ර­ණද? වහ­ලෙට නගින කාන්තා­වන්ගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් සොයන්නේ නම් සෙවිය යුත්තේ මේ ප්‍රශ්න අව­බෝධ කර­ගත් පසුය.

වහ­ලෙට නඟින අක්කලා නංගිලා ඉල්ලන ඉල්ලී­ම්ව­ලට යටින් ඇත්තේ වෙනම කතා­වකි. එසේම හිර­ගෙ­දර යනු මහා සමා­ජ­යෙන් වෙන් වූ වෙනම සමා­ජ­යකි. මේ සමා­ජයේ ඇත්තේ වෙනම සංස්කෘ­ති­යකි. හිර­කා­ර­යන්ට ඇත්තේ නොම්ම­ර­යකි. හිර ගෙදර නිතර නිතර ඇහෙන වච­නය පෝලි­මයි. වැඩ­පා­ටි­ව­ලට යෑම­ටත්, කෑමට ගියත්, බෙහෙත් ගැනී­මට ගියත්, නෑමට ගියත්, වැසි­කි­ළි­යට ගියත් ඇත්තේ පෝලි­මකි. ‍පෝලිම කඩා-බිඳ­ගෙන යන්නේ එහෙ­මත් කෙනෙකි. හිර­ගෙ­දර විවිධ අයි­යලා අක්කලා සිටිති. මේ අයි­යලා අක්කලා අතර අයි­ආ­ර්සී­කා­රයෝ මෙන්ම මෝරුද, තෝරුද හිඟ­න්නෝද සිටිති.

මෝරු තෝරු යනු යමක්-කමක් ඇති අයය. ඒ එළි­යේදී මෙන්ම ඇතු­ළේ­දීද තම හයි­කා­ර­කම් පෙන්ව­න්නට හැකි, විය­දම් කර­න්නට හැකි අයය. තමන්ගේ පාඩුවේ සිටින හිර­කා­ර­යන් මෙන්ම මෝරුන්ට තෝරුන්ට කඩේ­ය­න්නෝද මේ අතර සිටිති.

වැල­ිකඩ හිර­ගෙ­දර ගැහැ­නුන් වහ­ලය නැගීමේ ආර­ම්භය වන්නේ මෝරුන් හා පාල­නා­ධි­කා­රිය අතර වූ සීතල යුද්ධ­යයි. පාල­නා­ධි­කා­රිය ගන්නා ලද ක්‍රියා­මාර්ග ගනු ලැබුවේ හිර ගෙදර සිදු වන වංචා දුෂණ නැවැ­ත්වීමේ අර­මුණ මුල් කර­ගෙ­නය. ඒත් මෝරුන් ඒ සියලු නිතී-රීති තමන්ට සිදු වූ ප්‍රබල ප්‍රහා­ර­යක් ලෙස භාර ගත්තෝය. හිර ගෙදර මෝර ගැහැ­නුන් වහ­ල­යට නැඟ හර්තාල් කර­න්නට පටන් ගන්නේ මේ සීතල යුද්ධයේ ප්‍රති­ඵ­ල­යක් ලෙසය.

විශේ­ෂ­යෙන්ම වැලි­කඩ හිර­ගෙ­දර කාන්තා අංශයේ ගැටු­මට මුල් වූයේ රිමා­න්ඩ්බා­රයේ සිටින කාන්තා­වන්ය. මේ කාන්තා­වන් අතර මෝරු විස්සක් පමණ සිටිති. ගෑනු වාට්ටුවේ මෝරුන් අතර සිටින සිය­ල්ලෝම මත්ද්‍රව්‍ය චෝදනා ලැබ නීතියේ රැහැන‍ට හසු වූවෝය. මේ මෝරුන්ට අතට-පයට සේව­ක­යෝය. නිදා­ගැ­නී­මට ඇති පුංචි ඉඩේදී රිදෙන තැන්, අත්පා මසාජ් කර­ගැ­නී­මට වෙන­නම කෙනෙකි. වැසි­කි­ළි­යට වතුර පනි­ට්ටුව ගෙන යෑමට වෙන­නම කෙනෙකි. හොර රහසේ ගෙන්නා­ගන්නා කුඩු ටික විකු­ණා­ගැ­නී­මට වෙනම කෙනෙකි. මේ සියලු ආව­තේ­ව­කම් කර දෙන ගැහැ­නුන්ට මෝරු හොඳින් සල­කති.

රක්ෂිත බන්ධ­නා­ගා­රයේ සිටින රැඳ­වි­යන් බැලී­මට ඔවුන්ගේ පවුලේ අයට දින­පතා ‘විසිට්’ පැමි­ණිය හැකිය. ඒ එන විට කෑම වර්ග, බත්, ඇඳුම්, සනී­පා­ර­ක්ෂක ද්‍රව්‍ය ආදිය ගෙන ආ හැකිය. මෙතෙක් කල් ඒ ගෙන එන දේව­ලට ප්‍රමා­ණ­යක් නොති­බිණි. සාමාන්‍ය නීතිය නම් කෑම ආදි දේ ගෙන ආ හැක්කේ එක් අය­කුට පම­ණක් සෑහෙන ලෙස වුවත් මෝරු තමන්ට ලැබෙන විසිට්-එකේදී සියල්ල පස්-හය දෙන­කුට සෑහෙන ලෙස ගෙන්වා­ග­නිති. ඔවුහු ඒ ගෙන්වා ගන්නා දේ තමන්ගේ ඕනෑ-එපා­කම් ඉටු කරන ගැහැ­නුන්ට බෙදා දෙති. කන්නට බොන්නට දෙනවා නම්, ‘සික්’ නැතිව ඉන්නට කුඩු ටිකක් ලැබෙ­නවා නම් හිරේ ඉන්න කාන්තා­වන්ට ඊට වඩා දෙයක් නැත. කාල­යක් තිස්සේ මේ සෙල්ලම මෙලෙ­සින් පැවැ­තිණි. කිසි­වෙ­කුත් ඊට බාධා­ක­ර­න්නට ද නොආහ. එහෙත් මේ සිය­ල්ලට මුවා වී වැලි­කඩ හිර­ගෙ­දර කුඩු බිස්නස් ජය‍ට කෙරෙන විට ඇතැම් නිල­ධා­රීන්ගේ සහ­යෝ­ග­යද ඊට ලැබෙන විට, ඇතැ­මුන් කිසිත් නොද­න්නවා සේ සිටින විට සියල්ල කණ­පිට ගැසු­ණේය. ගෙවී ගිය කාලය තුළදී විටින් විට කාන්තා බන්ධ­නා­ගා­රය සෝදිසි කරන විට ජංගම දුර­ක­තන, මත්ද්‍රව්‍ය, සිම් කාඩ් පත් රැසක් විටින් විට අත්අ­ඩං­ගු­වට ගනු ලැබිණි. නීතිය ක්‍රියා­ත්මක වූවද මෙය පසු­ගිය කාලය තුළ බන්ධ­නා­ගා­රය දූෂිත තැන­ක්යැයි ඒත්තු ගන්ව­න්නට තවත් සාධ­ක­යක් විය.

එන­මුදු බන්ධ­නා­ගා­රයේ දූෂිත බව තුරන් කිරීම සඳහා අධි­ක­රණ හා බන්ධ­නා­ගාර ප්‍රති­සං­ස්ක­රණ අමා­ත්‍යාං­ශය බන්ධ­න‍ා­ගාර පාල­නය සිය­තට ගැනී­මත් සමඟ සියල්ල උඩු-යටි­කුරු වූයේ බලා සිටි­ය­දී­මය. දූෂි­ත­යැයි කියන නිල­ධා­රීන්ට ස්ථාන මාරුද, බන්ධ­නා­ගාර පොලී­සිය විසු­රුවා හැරී­මද, තවත් නිල­ධා­රීන්ට මාරු­වීම්ද සිදු කරන ලද්දේ මේ අත­රය. කාල­යක් තිස්සේ බන්ධ­නා­ගා­රය වවා­ගෙන කෑ අය දේශ­පා­ල­න­ඥ­යන් පස්සේ යමින් තම මාරු වීම් වළ­ක්වා­ග­න්නට උත්සාහ ගත්තේද මේ අත­රේය. කෙසේ වුවත් බන්ධ­නා­ගාර අධි­කා­රී­ව­රුන් මාරු කර හරි­මින් ඒ ඒ ආය­තන යහ­පත් ස්ථාන කිරී­මට පිය­වර ගැනිණි. බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ දැඩි නීති ක්‍රියා­ත්මක කර­න්නකු ලෙස නමක් දිනා සිටින මහර බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­රයා වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යට මාරු කර එව­න්නේද එහි ප්‍රති­ඵ­ල­යක් ලෙසය. ඔහු මහර බන්ධ­නා­ගා­රයේ මත්ද්‍රව්‍ය නැති කළ බවට හොඳ නම දිනා සිටි­න්නෙකි.

යම් ආය­ත­න­යක් පාල­නය කිරී­මට හොර­ක­මින් දූෂ­ණ­යෙන් තොර කිරී­මට නම් එහි නිසි පාල­න­යක් තිබිය යුතුය. වැලි­ක­ඩට නව අධි­කා­රි­ව­රයා පත් වී එන්නට මස­කට පමණ පෙර කාන්තා බන්ධ­නා­ගා­රයේ ප්‍රධාන ජේල­ර්ව­රිය බදුල්ල බන්ධ­නා­ගා­ර­යට මාරු කර හරිනු ලැබිණි. නව අධි­කා­රි­ව­ර­යාගේ පැමි­ණී­මත් සමඟ හිර­ක­රුවෝ යම් තර­ම­කට ගැස්සී ගියෝය. වැලි­කඩ තත්ත්වය සන්සුන් වුවද ගැහැනු අංශයේ ‘කචල්’ ඇති වන්නට වූයේ කිසි­ව­කුත් නොසිතු අයු­රිනි. මේ සියලු කතා පරණ කතාය. මස­කට පෙර මාරු­කර හැරිය (සිර­කා­රි­යන් අම්මා ලෙසින් හදු­න්වන) ජේල­ර්ව­රිය නැවත ඕනෑ යයි කිය­මින් සිර­කා­රි­යන් වහ­ල­යට නැගීම විහි­ළු­වකි.

‘අම්මා ඕනෑ කියලා කවු­රු­වත් කෑග­හ­නවා අපිට නම් ඇහුණේ නැහැ! ඕක මාධ්‍යයේ අතේ­රෝ­ලක්. ඔය කාන්තාවො කෑග­හන්නේ වෙන දෙය­කට. තමන්ට ලැබෙන දේවල් අඩු වුණ නිසා...’

බන්ධ­නා­ගාර ආරංචි මාර්ග පව­සන්නේ එසේය. කෙසේ වුවත් නව අධි­කා­රි­ව­රයා කාන්තා බන්ධ­නා­ගා­රයේ ‘විසිට්’ බල­න්නට එන විට ගෙනෙන ආහාර සීමා කළේය. ඒ එක් අය­කුට පම­ණක් සෑහෙන ලෙස ආහාර ගෙන ඒමේ අව­ස­රය ‍එලෙසින්ම ක්‍රියා­ත්මක විය. සනී­පා­ර­ක්ෂක ද්‍රව්‍ය වුවත් එක් අය­කුට සෑහෙන ප්‍රමා­ණය පමණි. මෙය කාන්තා­වන් කුපිත කර­ව­න්නක් විය. විශේ­ෂ­යෙන් මෝරුන්ට මෙය තද­බල පහ­රකි. තම අතට ලැබෙන ප්‍රමා­ණය අවම වූ විට කිසි­ව­කුට සල­ක­න්නට ඔවුන් හැකි­යා­වක් නැත. ගැහැ­නුන් කුපිත වී වහ­ල­යට නඟි­න්නට ලොකුම හේතුව වූයේ එයයි. එහෙත් ඔවුන් කෑග­ස­න්නට වූයේ තම නඩු ප්‍රමා­ද­වීම් ගැනය; වාර්තා ප්‍රමාද වීම් ගැනය.

රිමාන්ඩ් බාරයේ සිටින කාන්තා­වන් දවස් දාහ­ත­රෙන් දාහ­ත­රට උසාවි ගෙන යා යුතුය. මත්ද්‍රව්‍ය වෝද­නා­ව­ලට රක්ෂිත බන්ධ­නා­ගා­රයේ සිටින කාන්තා­වන් දුර­බැ­හැර බන්ධ­නා­ගා­ර­ව­ලට යැවීම වෙනම පිරි­වැ­යකි. එක්තරා මවක් සහ දුවක් හිර­ගෙ­දර මේ උද්ඝෝ­ෂ­ණය ‘ලීඩ්’ ක‍ළහ. පසුව අම්මා ඇප ලබා ගියාය. දැන් දිය­ණිය එය මෙහෙ­ය­ව­න්නීය. එන­මුදු දෙවන වරට කාන්තා­වන් වහ­ලට නැගී­මත් සමඟ මේ සිර­කා­රියෝ වෙනත් බන්ධ­නා­ගා­ර­ව­ලට මාරු කර හරිනු ලැබූහ. එමෙන්ම සිර­ගෙ­දර තද­බ­දය අවම කිරීමේ අර­මු­ණින් අගු­ණ­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගා­ර­යට කාන්තාවෝ පිරි­සක් මාරු කර­හැ­රු­ණහ.

මෙය ලියන මොහො­ත­වන විට වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින්නේ කාන්තා­වන් තුන්සි­ය­යක් වැනි පිරි­සකි.

‘හිර­ගෙ­දර කුඩු ඉවර කරන්න බැරිද?’

මේ කාල­යක් තිස්සේ කවු­රුත් අසන ප්‍රශ්න­යකි. මේ ප්‍රශ්න­යට සැබැ­වින්ම විස­ඳු­මක් දිය නොහැ­ක්කේද?

වැලි­කඩ කාන්තා බන්ධ­නා­ගා­රයේ එක් තාප්ප­යක් අව­සාන වන්නේ වනා­ත­මුල්ල ප්‍රදේ­ශ­ය­ටය. මේ ප්‍රදේ­ශයේ සාදා ඇති නිවෙ­ස්වල එක් බිත්ති­යක් ලෙස ඇත්තේ කාන්තා බන්ධ­නා­ගා­රයේ තාප්ප­යයි. නිවෙස් සාදා ඇත්තේ කුණු කානුව උඩය. හිර­ගෙ­ද­රත් වනා­තත් වෙන් වන තාප්ප­යෙන් අනා­දි­මත් කලක සිට හිර­ගෙ­ද­රට කුඩු පාර්සල්, දුර­ක­තන සිම්පත් උඩින් වැටෙ­න්නේය. වනාතේ කුඩු බිස්න­ස්කා­ර­යන්ගේ එක් ආදා­යම් මාර්ග­යක් වී ඇත්තේ කාන්තා පැත්තට කුඩු විකි­ණී­මය. කලක සිට මේ තාප්පය උස වැඩි කිරීමේ අව­ශ්‍ය­තාව බන්ධ­නා­ගා­ර­යට තිබු­ණේය. එන­මුදු එක්ද­හස් අට­සිය ගණ­න්වල සුද්දාගේ කාලයේ කබොක් ගලින් බැඳි බිත්තිය උඩින් තවත් බිත්ති­යක් බැඳී­මට හෝ වෙනත් ඉදි­කි­රී­මක් කිරී­මට ඉංජි­නේ­රු­වන් අදි-මදි කරන බව බන්ධ­නා­ගාර ආරංචි මාර්ග පව­සයි.

අද වන විට වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ ඇත්තේ තද­බ­ද­යකි. ‘හිර කරු­වෝද මනු­ස්ස­යෝය’. ‍ඔවුන්ට මනු­ස්ස­යන් ලෙස සැල­කී­මට නම් මොවුන්ගේ මූලික අයි­ති­වා­සි­කම් සැපි­රිය යුතුය. කාන්තා අංශයේ ඇත්තේ වැසි­කිළි පෝලි­මකි. ඒ ප්‍රමා­ණ­වත් තරම් වැසි­කිළි නැති­කම හේතු­වෙනි. කුස්සියේ කටට රසට කෑම සෑදෙන්නේ නම් හිර­කා­ර­යන්ගේ ආහාර ප්‍රශ්න­ය­ටද විස­ඳු­මක් ලැබේ. මේ තද­බ­ද­යට විස­ඳුම් ලැබේ නම් බොහෝ ප්‍රශ්න­ව­ලට විස­ඳුම්ද ලැබෙනු ඇත. නමුදු පසු­ගිය දින­වල වැලි­කඩ ගෑනු වහ­ලෙට නැග කෑගැ­සුවේ වෙනත් යටි අර­මුණු සඳ­හාය. ඒ තමන්ගේ කුඩු බිස්න­ස්ව­ලට තද පහ­රක් වැදුණු බැවිනි. බන්ධ­නා­ගා­ගර ඉති­හාස කත­න්දර සොයා ගිය ගම­න­කදී අප‍ට හමු වූ හිටපු බන්ධ­නා­ගාර කොම­සා­රි­ස්ව­ර­යකු වූ සේනක ස්ටෙම්බු මහතා පව­සන්නේ මෙවැනි කතා­වකි.

‘අපේ තාමත් තියෙන්නේ සුද්දා හදපු බන්ද­නා­ගාර. මේ බන්ධ­නා­ගාර හදලා තියෙන්නේ සීමිත සිර­ක­රු­වන් පිරි­සක් රඳ­වන්න. ඒත් අද මේවාට ‍ඔරොත්තු නොදෙන තරම් සිර­ක­රුවෝ ඉන්නවා. ඒ කාලේ හිටපු ඒ පිරි­සට මේ තිබුණ වැසි­කිළි පද්ධ­තිය ප්‍රමා­ණ­වත් වුණත් දැන් මදි. රෑට වාටටු වැහු­වාම හදිසි වැසි­කිළි එකයි තියෙන්නේ. කෙනෙක් හිරේ ආවාම එයාට මෙට්ට­යක්, රෙද්දක්, තැටි­යක්, කෝප්ප­යක්, සබන්, පොල්තෙල්, නාගන්න භාජ­න­යක් දෙන්න ඕනෑ. අද හිර­ගෙ­දර පංගු­වක් අයට උඩු­කය ඇඳුම නැහැ. මට මත­කයි මම හිර­ගෙ­දර සේව­යට බැඳුණ කාලේ වැලි­කඩ හිර­ගෙ­දර ඇතුළේ කැන්ටි­මක් තිබුණා. ඒ කැන්ටිමේ බුල­ත්විට, බීඩි, සබන් ආදිය විකු­ණන්න තිබුණා. ගමෙන් ආව මිනි­හට ඇතු­ළෙදි බුලත් වි‍ටක් කන්න ඉඩ තිබුණා. හිර­ක­රුවෝ වැඩ පාටි­වල වැඩ කරලා ලැබුණ සල්ලි­ව­ලින් තමයි ඒවා ගත්තේ. ඒ කාලේ හොර දෙයක් අහු වුණා නම් අහු වුණේ ගංජා සුරු­ට්ටු­වක්-දෙකක් තමයි. ඒ වගේම තමයි හිර­කා­ර­යන්ගේ පාල­න­යක්, සංය­ම­යක් තිබුණා. බොහෝම අවංක නිල­ධා­රීන් හිටියා. ආවාට-ගියාට නිල­ධා­රීන් දෙපා­ර්ත­මේ­න්තු­වට බඳ­වා­ගත්තේ නැහැ. පොලී­සි­යෙන් ඇවිල්ලා බඳ­වා­ගන්න නිල­ධා­රීන් ගැන හොයලා බැලුවා. මේ ආය­ත­න­වල නිල­ධා­රීන් බොහෝම ගම්භීර චරි­ත­යක් තිබුණ අය. ඔය කෑම හොඳ නැහැ කයන කතාව හැම­දාම තිබුණ දෙයක්. ඒ කාලෙත් හිරගේ අවට ගංජා තිබුණා; හැළි-අරක්කු තිබුණා. කාන්තා හිර­ගෙ­දර තාප්පේ හිලක් විද්දොත් වනා­ත­මු­ල්ලෙන් ඕන දෙයක් හිරගේ ඇතු­ළට එවන්න පුළු­වන්‍. එකම බිත්තිය තියෙන්නේ. බන්ධ­නා­ගා­ර­යට ලොකු නිල­ධාරි හිඟ­යක් තිබෙ­නවා. මේ නිල­ධාරි හිඟ­යට විස­ඳු­මක් දිය යුතුයි. නැත්නම් මේ කාරිය කරන්න බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වට අමා­රුයි.’

සේනක ස්ටෙම්බු මහතා පව­සන්නේ තමාගේ දිගු­කා­ලීන රාජ­කා­රි­යෙන් ලැබූ අත්දැ­කීම් මඟිනි.

වහ­ල­යට නැගි ගැහැ­නුන් අතරේ තම දිය­ණිය රැගෙන උඩට නැග්ග ගැහැ­නි­යක් වූවාය. ඇයට තම සිඟිති දිය­ණි­යගේ ජීවි­තය ගැනද වටි­නා­ක­මක් නොති­බුණු තරම්ය. වර­ද­කට හසු වී හිරේ එන විට වයස අවු­රුදු පහ දක්වා දරු­වන් තම භාරයේ තබා­ගැ­නී­මට මවට අව­සර ලැබේ. ඛේද­වා­ච­කය නම් අම්මලා කරන වැර­දි­ව­ලට මේ නොද­රු­ව­න්ටද හිර­ගෙයි ලගින්ට සිද්ධ වීමය.

දැන් අමා­ත්‍යාං­ශය නඩු ඉක්මන් කර­වීම සඳහා කුමක් කළ හැක්කේද යන්න පිළි­බඳ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව, රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව හා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව සමඟ සාකච්ඡා කර­මින් සිටී. දැන් බල­ධා­රීන් කාගේ කාගේත් වුව­ම­නාව බන්ධ­නා­ගා­රය දූෂණ වංචා­ව­ලින් තොර යහ­පත් ආය­ත­න­යක් කිරී­මය. සිර­ක­රු­වන්ද මනු­ෂ­යන්ය යැයි සල­ක­මින්, ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් සම්පූර්ණ කර දී ඔවුන්ට හොඳින් සැල­කී­මය. මේවා කිරී­මට නම් කකු­ලෙන් අදි­න්නන් පන්නා දමා වැඩ කර­න්නන්ට වැඩ කිරී­මට අව­ස්ථාව සලසා දිය යුතුව ඇත.

 

Comments