තම්බ­පණ්ණී යළිත් කර­ළි­යට | සිළුමිණ

තම්බ­පණ්ණී යළිත් කර­ළි­යට

කොළඹ නුවර පාර අද්ද­රට වී පසු­ගිය සතියේ දින කිහි­ප­යක්ම මිනිස්සු රැස් කකා බලා හිඳින දසු­නක් විය. දවල් රෑ නැතිව ඔවුන් රැස්ක­මින් සිටි හේතුව බොහෝ දෙන­කුට කුතු­හ­ල­යක්ද විය. ඇතැම් විටක මේ රැස් කෑම වාහ­න­ව­ලින් පිරුණු පාරේ කිලෝ මීටර ගණන් දිගු පෝලිම් හැදී­ම­ටද හේතු විය. ඔවුන් මේ රැස් කකා සිටියේ දළඳා පෙර­හරේ කර­ඬුව වඩ­ම්ම­වන නැඳු­න්ග­මුවේ හස්ති රාජයා එන තෙක්ය. මේ සතා ඒ තර­මට ජනතා ආදර ගෞරව ලබ­න්නට තරම් පින්වන්ත වී සිටි­න්නේය. එයින් මා අවදි කළේ එකම එක දෙයක් පමණි.

අපේ දන සිත් තුළ මේ හස්ති රාජ­යන් කෙරෙහි පව­තින දැඩි බැඳීම අපට අපේ වන­ගො­මු­වල නිද­හසේ සැරි­ස­රන එවැනි හස්ති රාජ­යන් ඇතුළු සද්දන්ත පර­පුර රැකු­මට යොදා ගත නොහැ­කිද යන්නය. නැඳු­න්ග­මුවේ හස්ති රාජයා තම ස්වාමියා හෝ රජ­යෙන් මතු නොව ජන­තාව වෙතින් රැක­ව­ර­ණය ලබ­න්නට තරම් පින් කළද මේ හස්ති පර­පුර ඉතා ශෝච­නීය ගම­නා­න්ත­ය­කට මේ යුගය වන විට පිවිස ඇත. මේ ප්‍රස්තු­ත­යෙන් පිවි­සෙන පළමු කරුණ වන්නේ අපේ වන අලි සම්පතේ අනා­ගත ඉර­ණම පිළි­බඳ ව අප තුළ තිබිය යුතු අව­බෝ­ධ­යයි. මේ අව­බෝ­ධය තම්බ­පණ්නි දීපයේ ඉප­දුණු අපගේ අනූ­ල්ලං­ඝ­නිය වග­කී­මක් ව ඇත්තේය.

අලි මිනිස් ගැටුම අද මාධ්‍ය­යට එක් පුවත් තේමා­වකි. රාජ්‍ය නොවන සංවි­ධා­න­ව­ලට අර­මු­දල් සම්පා­ද­නය කිරීමේ එක් ව්‍යාපෘ­ති­යකි. සැබෑ පරි­ස­ර­වේ­දීන්ට සංවේදී පාරි­ස­රික ප්‍රශ්න­යකි. මේ වන අලි සමඟ ජීවත් වන ඒ ඒ පෙදෙ­ස්වල ජන­තා­වට දැවැන්ත හිස­ද­ර­යකි. රජ­යට දෙකොණ පැට­ළුණු විල­ක්කු­වකි. මේ අනුව බලන කල මේ ප්‍රශ්නය අපේ සමා­ජය තුළ ජීවත් වන විවිධ කොට­ස්ව­ලට විවිධ අයු­රින් බල­පායි. තම තමන්ට ගෝචර වන කොන්ව­ලින් අල්ලා මේ ප්‍රශ්නය දෙස බැලු­වොත් අපට දෙන්නට තිබෙන විස­ඳුම් පරා­සය සීමා­ස­හි­තය. මේ නොගැ­ළ­පීම් මැද අද සිදුව ඇත්තේ අලි මිනිස් ගැටුම තව තවත් තීව්ර වීමය. මේ පසු­බිම තුළ අප කල්ප­නා­වෙන් යුතුව බැලු­ව­හොත් මුලින්ම කළ යුත්තේ අලි ගැන අල ගිය මුල ගිය තැන සියල්ල නිසි ලෙස හදාරා ඒ ගැට­ලු­වට අපේ බිමට ගැළ­පෙන අපේ සමා­ජ­යට ගැළ­පෙන විද්‍යා­නු­කුල විස­ඳු­මක් ලබාදීමය. මේ හැදැ­රී­මට ප්‍රබල

පසු­බි­මක් ලබා දෙන තොර­තුරු ගොන්නක් අප දුටුවේ පසු­ගි­යදා යළි මෙරට එළි දුටු තම්බ­පණ්ණි සඟ­රා­වෙනි. ඩයි­ජස්ට් ප්‍රමා­ණයේ මුද්‍රිත ප්‍රකා­ශ­න­යක් ලෙසින් පසු­ගි­යදා එළි දුටු තම්බ­පණ්ණී සඟ­රාව තේමා තොට­ගෙන තිබුණේ අලින් පිළි­බඳ මුල සිට අගට වැනි වූ කතා­වකි. අලින්ගේ පරි­ණා­මය, ජීවන රටාව ආදී ජෛව විද්‍යා­ත්මක තොර­තුරු සේම ඔවුන් ගේ ශ්‍රී ලාංකේය ගහ­නය සමඟ බැඳි ඇති සමාජ පාරි­ස­රික සාධක මෙන්ම අලි සංර­ක්ෂ­ණය පිළි­බ­ඳව ද පුළුල් විව­ර­ණ­ය­කින් ඔවුන් මෙම සඟ­රාව එළි දක්වා තිබිණි.

ප්‍රවීණ මාධ්‍ය­වේ­දි­යකු සේම පරි­ස­ර­වේ­දි­යකු වන නය­නක රන්වැල්ල විසින් සංස්ක­ර­ණය කරනු ලබන මෙම සඟ­රා­වෙන් ඔහු උත්සාහ කරන්නේ සිරි­ලක පොළො­වට උරුම වූ අමිල භෞතික සම්පත් පිළි­බඳ ලෝකය හමුවේ දැනුම දීමත් ලෝකයේ අන් ජාතීන්ට නොදෙ­වෙනි වූ අපේ දැනුම පිළි­බඳ පුළුල් විම­සු­මක යෙදී­මත්ය. ඒ අනුව පාඨ­ක­යන්ට හැසි­ර­විය හැකි පහසු ඩයි­ජස්ට් ප්‍රමා­ණයේ සඟ­රා­වක් ලෙසින් එළි දුටු මෙම සඟ­රාව පරි­ස­රය, දේශීය දැනුම, අපේ ජෛව සම්පත්, ආයු­ර්වේ­දය, පුරා විද්‍යාව සහ ඉති­හා­සය ඇතුළු තේමා ඔස්සේ මාසික ව දැනුම් සම්බා­ර­යක් ගෙන ඒමට සුදා­න­මින් සිටී.

Comments