
ලෝක වෙළෙඳපොළේ වෙනස් වන මිල ගණන් අනුව පාරිභෝගිකයාට සර්ව සාධාරණ ආකාරයෙන් ගෑස් සිලින්ඩරයක් මිල දී ගත හැකි වන ආකාරයට ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද මහතා පවසයි.
ඒ අනුව මේ මස අග හෝ ලබන මස මුල් සතිය වන විට මේ මිල සූත්‍රය ප්‍රකාශයට පත් කිරීමට එම අධිකාරිය අපේක්ෂා කරයි.
මේ වන විට ගෑස් නිෂ්පාදන ආයතන මේ මිල සූත්‍රය හඳුන්වා දීම පිළිබඳ කැමැත්ත පළ කර ඇති අතර, ලෝක වෙළෙඳපොළ මිල ගණන්, බෙදාහැරීම්, ගබඩා කිරීම් පිරිවැය අනුව මේ මිල සූත්‍රය සැකසීමේ කටයුතු කෙසේ විය යුතුද යන්න පාරිභෝගික අධිකාරිය, මහා භාණ්ඩාගාරය සහ අදාළ ගෑස් ආයතන මේ වන විටත් සාකච්ඡා කරමින් පවතියි.