කොළඹ ආර­ක්ෂක සමු­ළුව 30 දා ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන් | Page 2 | සිළුමිණ

කොළඹ ආර­ක්ෂක සමු­ළුව 30 දා ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන්

ශ්‍රී ලංකා යුද හමු­දාව විසින් පව­ත්වනු ලබන කොළඹ ආර­ක්ෂක සමු­ළුට අන්ත­ර්ජා­තික ආර­ක්ෂක සැසිය 30 වැනිදා ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මැති­තු­මාගේ සහ අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් බණ්ඩා­ර­නා­යක අන්ත­ර්ජා­තික සම්ම­න්ත්‍රණ ශාලා­වේදී ඇරැඹේ.

30 සහ 31 දෙදින පුරා පැවැ­ත්වෙන මේ සමු­ළුවේ සමා­ර­ම්භක උත්ස­වයේ ප්‍රධාන දේශ­න­යද අග්‍රා­මා­ත්‍ය­ව­රයා විසින් පව­ත්වනු ඇත.

‘ගෝලීය විය­වුල් හමුවේ දේශයේ සුර­ක්‍ෂාව’ යන තේමාව ඔස්සේ 8 වන වර­ටත් පව­ත්වනු ලබන ‘කොළඹ ආර­ක්‍ෂක සමු­ළුව - 2018’ සඳහා විදේ­ශීය විද්ව­තුන් 13 ක් සහ දේශීය කථි­ක­යන් 14 ක් ඇතු­ළුව නියෝ­ජි­ත­යින් 800 ක පමණ පිරි­සක් සහ­භාගි වනු ඇත. මෙම සමු­ළුව සඳහා සාක් කලා­පීය රාජ්‍ය­යන්හි යුද්ධ හමුදා ප්‍රධා­නීන්ට ද ආරා­ධනා කර ඇත. මෙවර සමු­ළු­වේදී ‘මානව ක්‍රියා­කා­ර­කම් සහ දේශීය ආර­ක්‍ෂාව’, ‘ගෝලීය අභි­යෝග හා අභ්‍ය­න්තර අව­තැ­න්වීම්’, ‘21 වන සිය­වසේ නාග­රික ආර­ක්‍ෂාව’, ‘සයි­බර් ගැටුම් හා අනා­ගත බල තුල­නය’, ‘සමාජ මාධ්‍ය හා සත්‍ය­තාව: ගෝලීය ආර­ක්‍ෂක අභි­යෝ­ග­යන්’, ‘කෘතීම බුද්ධිය හා ස්වයං­ක්‍රිය අවි’, වැනි සමස්ත ලෝක­යා­ටම බල­පානු ලබන මාතෘකා ඔස්සේ සාකච්ඡා කෙරේ.

Comments