ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වනු ලබන කොළඹ ආරක්ෂක සමුළුට අන්තර්ජාතික ආරක්ෂක සැසිය 30 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී ඇරැඹේ.
30 සහ 31 දෙදින පුරා පැවැත්වෙන මේ සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනයද අග්‍රාමාත්‍යවරයා විසින් පවත්වනු ඇත.
‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව’ යන තේමාව ඔස්සේ 8 වන වරටත් පවත්වනු ලබන ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ සඳහා විදේශීය විද්වතුන් 13 ක් සහ දේශීය කථිකයන් 14 ක් ඇතුළුව නියෝජිතයින් 800 ක පමණ පිරිසක් සහභාගි වනු ඇත. මෙම සමුළුව සඳහා සාක් කලාපීය රාජ්‍යයන්හි යුද්ධ හමුදා ප්‍රධානීන්ට ද ආරාධනා කර ඇත. මෙවර සමුළුවේදී ‘මානව ක්‍රියාකාරකම් සහ දේශීය ආරක්ෂාව’, ‘ගෝලීය අභියෝග හා අභ්‍යන්තර අවතැන්වීම්’, ‘21 වන සියවසේ නාගරික ආරක්ෂාව’, ‘සයිබර් ගැටුම් හා අනාගත බල තුලනය’, ‘සමාජ මාධ්‍ය හා සත්‍යතාව: ගෝලීය ආරක්ෂක අභියෝගයන්’, ‘කෘතීම බුද්ධිය හා ස්වයංක්‍රිය අවි’, වැනි සමස්ත ලෝකයාටම බලපානු ලබන මාතෘකා ඔස්සේ සාකච්ඡා කෙරේ.