කුඩු නඩු කුඩු කරන්න වහ­ලෙට නැග්ග ගැහැනු ඉල්ලන හිරගෙදර අම්මා කවුද? | සිළුමිණ

කුඩු නඩු කුඩු කරන්න වහ­ලෙට නැග්ග ගැහැනු ඉල්ලන හිරගෙදර අම්මා කවුද?

'අන්න වැලි­කඩ ගෑනු වහ­ලෙට නැගලා'

'මේ ගෑනු වහ­ලෙට කොහොම නැග්ගද මන්දා'

'හිරේ ඉන්න අය කොහො­මද පාට ඇඳුම්

ඇඳ­ගෙන ඉන්නේ'

'අනේ පව්....හරි­යට කන්න

ලැබෙ­න්නෙත් නැහැලු'

'මොනවා වුණත් ගෑනුනේ'

වැලි­කඩ හිර ගෙදර කාන්තා අංශයේ රැඳ­වි­යන් ඉකුත් සතියේ කාන්තා බන්ධ­නා­ගා­රයේ වහ­ලට නැග කළ ජර­ම­රය ආරංචි වූ විට විද්‍යුත් මාධ්‍ය හා පුවත් වාර්තා ඇසූ දුටු කවුරු කවු­රුත් කම්පා වන්නට වුයේ එලෙ­සිනි.

'එව්වා ඔය කුඩු­කාර ගෑනුන්ගේ වැඩ' ඇතැ­මකු පැව­සූයේ එලෙ­සය.

හිර­ගෙ­දර බුද්ධි අංශය විසු­රුවා හැර වැඩි දිනක් නැත. එමෙන්ම සෑම බන්ධ­නා­ගා­ර­ය­කම පාහේ ලොකු පුටුව වෙනස් වුයේද මේ අත­රය. මේ පුටු වෙනස් වීමත් සමඟ බන්ධ­නා­ගා­රයේ සිටින ඇතැ­මුන් අතර අනි­යත බියක් ඇති නොවු­ණාම ද නොවේ.

නොසිතූ මොහො­තක කාන්තා රැඳ­වි­යන් මේ ලෙසින් විරෝ­ධ­තා­ව­කට පෙ‍ලඹී­මට හේතු ගණ­නා­වක් විය. ඔවුන් මේ විරෝ­ධතා ආරම්භ කළේ ඉල්ලීම් ගණ­නා­වක් මුල් කර­ගෙ­නය. පිට­තින් ගෙන එන ආහාර සීමා නොකි­රීම, අවශ්‍ය තරම් ඇඳුම් ළඟ තබා ගැනී­මට ඉඩ දීම, නඩු ඉක්මන් කිරීම ආදී හේතු ගණ­නා­වක් විය.

දඬු­වම් ලැබූ රැඳ­වි­යන්ට ඇඳුම් ලබා දෙන්නේ බන්ධ­නා­ගා­ර­යෙනි. පිරි­මින් සඳහා සුදු ජම්ප­රය හා කොට කලි­ස­මයි. කාන්තා­වන් සඳහා රෙද්ද සහ බ්ලවු­ස­යයි.

හිර­ගෙ­ද­රදී නොම්බ­ර­යක් වන කාන්තා­වන්ට යට ඇඳුම් අයිති නැති වුවද එය ඒ තරම් දුරට ක්‍රියා­ත්මක වන නීති­යක් නොවේ. නමුදු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින කාන්තා­වන්ට තම නිවෙ­සින් ගෙන එන ඇඳුම් ඇඳී­මට ද, විසිට් බල­න්නට එන විට ගෙනෙන ආහාර ගැනී­මට ද අව­සර ඇත. දඬු­වම් නියම වූවන් සඳහා විසිට් බැලිය හැක්කේ මස­කට වරකි. මෙය අද ඊයේ සිට නොව අනා­දි­මත් කාල­යක සිට බන්ධ­නා­ගාර පද්ධ­තිය තුළ ක්‍රියා­ත්මක වන්නකි.

අප දන්නා පරිදි කාන්තා අංශයේ රැඳ­වි­යන් වහ­ලය මත නැඟ උද්ඝෝ­ෂ­ණය කිරීම පිටු­පස ඇත්තේ වෙනම ම කතා­වකි. වහ­ලය මත සිටි කාන්තා­වන් සිය­ල්ලෝම වාගේ මත් ද්‍රව්‍ය ‍චෝදනා­වන්ට ලක් වූවෝය.

මත්ද්‍රව්‍ය අලෙ­විය මෙන්ම භාවිත කිරීම ද හිර­ගෙ­ද­රට ආවා කියා ඒවා නතර වීමක් නැත. ඔවුහු හිර­ගෙ­රදී ද බිස්නස් එක ජය­ටම කර­ගෙන යති. ඊට ප්‍රධා­නම හේතුව වන්නේ විශේ­ෂ­යෙන්ම කාන්තා හිර ගෙද­රට කුඩු පාර්සල් උඩින් වැටී­මය. එප­ම­ණක් නොව මෙවර වහල උඩ නැඟී විරෝ­ධතා දැක්වී­මේදී ඔවු­නට කිරි පැකට් හා බනිස් ආදිය ද උඩින් වැටිණ.

කාන්තා හිර­ගෙ­දර එක් පැත්තක ඇත්තේ වනා­ත­මුල්ල සීව­ලි­පු­රය. දෙපැත්ත වෙන් වන්නේ බන්ධ­නා­ගා­රයේ උස තාප්ප­ය­කිනි. වනා­ත­මුල්ලේ සිට උස තාප්ප­යෙන් මෙපි­ටට කුඩු පාර්සල් වැටේ. දෙපැත්ත සම්බන්ධ වන්නේ ඔවු­න්ගේම සන්නි­වේ­දන ක්‍රම අනු­වය.

ගල් කැට එහෙට මෙහෙට විසි­ක­ර­මින් නෝනලා නැද්දයි බල­මින් සිදු­කෙ­රෙන හොර­ගල් ඇහි­ඳී­ම්ව­ලදී වනා­ත­මු­ල්ලෙන් වැටෙන පාර්සල් සද්දය නෝන­ලාට නොඇ­සෙ­න්නට රැඳවි කාන්තාවෝ මහ හඬින් රෙදි ගලේ ගස­මින් සෝදති. ඇතැම් නෝනලා මේවා දුටුව ද අහක බලා සිටින්නේ ඔවුන්ට මේ රැඳ­වි­ය­ගෙන් යම් යම් වාසි ඇති බැවිනි.

මත්ද්‍රව්‍ය මෙන්ම ජංගම දුර­ක­ථන සිම් කාඩ්පත් ආදී බොහෝදේ කලක් තිස්සේ බන්ධ­නා­ගා­ර­යට ලැබීම පිටු­පස කාන්තා අංශ­යේම නිල­ධා­රි­නි­යන් සිටන බව පරී­ක්ෂ­ණ­ව­ලින් ‍හෙළිවී ඇත.

මේ සියල්ල යට­පත් කර­මින් කාන්තා රැඳ­වි­යන් බන්ධ­නා­ගා­රයේ වහ­ළ­යට නැඟීම දක්වා සියල්ල දුර දිග ගියේ කාගේ හෝ උසි ගැන්වී­මක් ද සිදුවූ බැවිනි.

වහ­ල­යට නැඟි රැඳ­වි­යන්ගේ එක්ඉ­ල්ලී­මක් වූයේ අපේ අම්මා අපට ඕනෑය යන්නය.

මෙහිදී කාන්තා රැඳ­වි­යන්ට මවක බඳුවූ නිල­ධා­රි­නි­යන් මෙහි සිටි­යා­දැයි යන සැකය අපට මතුවේ. මන්ද අම්මා නම් දරු­වන්ට ආද­රේය.

දරු­වන්ට වැරදි දේ කිරී­මට ඉඩ දෙන්නේ නැත. අම්මා හැම විටම උත්සාහ කරන්නේ දරු­වන් යහ­ම­ඟට ගැනී­ම­ටය. මේ පිළි­බඳ දිගින් දිගට තොර­තුරු සෙවී­මේදි බන්ධා­ගා­රය පිළි­බඳ තතු දන්නෙකු පැවැ­සුවේ මෙවැනි කතා­වකි.

“අම්මා අම්මා කියලා ඒ අය කෑ ගහන්නේ ඔය කියන නිල­ධාරි අම්මා මේ ගොල්ලන්ගේ වැඩ­ව­ලට උදව් කරපු නිසයි. එයා ලොකු මහ­ත්තු­රුන්ට කෙළින්ම කතා කර­නවා. ඒ නිසා සම­හර කාන්තා නිල­ධා­රි­නි­යන් මෙයාට බයයි. අම්මාගේ වැරදි ගැන කිව්වොත් වැඩ වර­දියි කියලා ඒ අය කට හොල්ල­න්නේ­වත් නෑ.

ඒ නිසා පොඩි අය මෙයා කරන වැරදි දැක දැක කට වහ­ගෙන හිටියා. ඒ වගේම මේ කියන අම්මා එයාගේ පහළ නිල­වල ඉන්න අයට බොහෝම කැත විදි­හ­ටයි කතා කළේ. මේ අම්මා කියන කෙනා නිසා ඇතැම් නිල­ධා­රි­නි­යන් මාන­සික පීඩ­න­යෙන් වැඩ කළේ”

මේ කියන ‘අම්මා’දැන් වැලි­කඩ නැති බව පැවසේ. දූෂිත නිල­ධා­රීන් කොටු කිරී­මට පෙර බන්ධ­නා­ගා­ර­වල නිල­ධා­රින් එහෙට මෙහෙට මාරු කිරීම ඇරැ­ඹි­යේය. මේ මාරු කිරීම් ඇතැම් නිල­ධා­රින්ට දරා ගැනී­මට නොහැකි වූ බවද වාර්තා විය. හේතුව නම් යම් පෞද්ග­ලික අර­මුණු හා වෙනත් වාසි නිසා ඔවුන් වසර දහය පහ­ළොව කොළඹ අවට බන්ධ­නා­ගා­ර­ව­ලම රැඳී සිටී­මය.

බන්ධා­නා­ගා­රයේ වහ­ලට නැඟි කාන්තා රැඳ­වි­යන් වෙනු­වෙන් දැඩි ක්‍රියා මාර්ග නොගත්ත ද පසුව ඔවුන් හා සාක­ච්ඡා­වක් පැවැ­ත්විණි. එම සාක­ච්ඡා­වට කාන්තා රැඳ­වි­යන් නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වූ කාන්තාවෝ හය­දෙනා විරෝ­ධ­තා­වට සහ­භාගි වූ සියලු රැඳ­වි­යන් වෙනු­වෙන් සමාව ගත්හ. එමෙන්ම ඉදි­රි­යේදි සාම­කා­මිව හැසි­රෙ­න්නට ද පොරොන්දු වූහ.

ඇප ලබාදී නඩු කඩි­නම් කර ගැනීම වහ­ල­යට නැඟුණු කාන්තා­වන්ගේ තවත් ඉල්ලී­මකි. නමුදු සාමා­න්‍ය­යෙන් මත් ද්‍රව්‍ය චෝදනා ලැබූ­වන්ගේ නඩු විභාග වී අව­සන් වන තුරු ඇප ලබා දීමක් සිදු නොවේ.

එන­මුදු වසර ගණන් දිග්ගැ­ස්සෙන නඩු ඉක්මන් කිරීමේ හැකි­යාව ගැන සොයා බැලීම වග­කි­ව­යු­ත්තන්ගේ වග­කී­මය. මේ සියලු කරුණු කාරණා සම්බ­න්ධව අධි­ක­රණ හා බන්ධ­නා­ගාර ප්‍රති­සං­ස්ක­රණ අමා­ත්‍යාං­ශය, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව ගත යුතු පිය­වර කව­රේද යන්න ඉදි­රි­යේදී තීර­ණය කරනු ඇත.

හිර­ගෙ­දර රජ ගෙදර කර ගත් අය මෙන්ම දිගු­කා­ලීන දඩු­වම් ලැබ, ජීවි­තා­න්තය දක්වා මෙන්ම මර­ණීය දණ්ඩ­නය නිය­මව සිර­ග­තව සිටින මේ සියලු දෙනා දෙස මනු­ෂ්‍ය­ත්ව­යෙන් බැලිය යුතුය. හිර­ගෙ­දර දැන් තද­බ­දය වැඩිය .මේ තද­බ­දය අවම කිරීම සඳහා මීට මාස කිහි­ප­ය­කට පෙර අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස නව බන්ධ­නා­ගා­ර­යට ද කාන්තාවෝ මාරු­කර හැරි­යහ.

'සිර­ක­රු­වෝද මනු­ෂ්‍ය­යෝය' යන වදන බිත්තිය‍ට පම­ණක් සීමා නොවී ඔවුන්ගේ මුලික අව­ශ්‍යතා සම්පුර්ණ විය යුතුය.

' මෙහෙ කෑම මෙලෝ රහක් නැහැ. අපි ගෙදර ගිහිල්ලා කාලා එන්න ද?' ඒ රැඳ­වි­යන්ගේ තවත් මැස­වි­ල්ලකි.

හිර­ගෙ­ර­දර බුද්ධි අංශය විසි­රුවා හැර අනෙක් නිල­ධා­රීන්ට මාරු වීම් ලබා දුන්සේම හිර ගෙදර කුස්සි පාටිය ද වෙනස් විය යුතුව ඇත.

එමෙන්ම සතියේ කෑම වට්ටෝ­රු­වද වෙනස් විය යුතුය. බන්ධ­නා­ගාර නිත්‍ය නියෝ­ග­ව­ලට අනුව රැඳ­වි­යන් සඳහා ලබා­දිය යුතු ආහාර පාන දක්වා ඇත. එළ­වළු වර්ග ද දක්වා ඇත. දැන් කාලය වෙනස්ය. ඇතැම් විට‍ මේ පිළි­වෙළ දැන් වෙනස් වී ඇත.

බන්ධ­නා­ගාර නිත්‍ය නියෝ­ග­ව­ලට අනුව සියල්ල සිදු­වේ­නම් බන්ධ­නා­ගාර පද්ධ­තිය තුළ මෙත­රම්ම ප්‍රශ්න පැන නොන­ගිනු ඇත.

බන්ධ­නා­ගාර පද්ධ­තිය උඩු යටි කරු කළ ද අවංක නිල­ධා­රින් හෝ කාර්යය මණ්ඩල නැත්නම් සිර­ක­රු­ව­නට මනු­ෂ්‍ය­යන් සේ සැල­කී­මක් නම් සිදු­වීම උග­හ­ටය.

Comments