කඳසුරිඳු අඩවිය වනසන වැලි ජාවාරමේ අවනඩුව | සිළුමිණ

කඳසුරිඳු අඩවිය වනසන වැලි ජාවාරමේ අවනඩුව

කත­ර­ගම ප්‍රාදේ­ශීය ලේකම් බල ප්‍රදේ­ශයේ කර­විලේ 146 ඩී ග්‍රාම නිල­ධාරි කොට්ඨා­ස­යට අයත් සෙල්ල­ක­ත­ර­ගම පස්ස­ර­යාය ප්‍රදේ­ශ­යේ මයි­ල­ගම කුඹුරු යාය අසල සිදු වෙන මහා පරි­මාණ ගොඩ වැලි කැපීමේ ජාවා­ර­මක් හේතු­වෙන් වැවෙහි භූගත ජල මට්ටම අඩු වී අවට ඉඩම් හා නිවෙස් ගිලා බැසීමේ දැඩි අව­දා­න­ම­කට ලක්ව තිබේ. ගම්මා­න­යක් මැද මෙලෙස පෞද්ග­ලික ඉඩම් වල ගොඩ වැලි කැපී­මට ලබා­දිම මහා අප­රා­ධ­යක් සේම පරි­ස­ර­ය­ටද දැඩි හානි පමු­ණු­ව­න්නක් බව ගම් වැසියෝ කීහ. මයි­ල­ගම ගොවි සංවි­ධා­නයේ ලේකම් කේ.ඩී.විම­ල­තිස්ස මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් අප හා සංවා­ද­යට එක් විය. “ගොවි පවුල් 158ක් විතර මේ ගමේ ජීවත් වෙනවා. ගොඩ වැලි කපන තැන වටේ­ටම ගෙවල් තියෙන්නේ. මේ වැලි කැපීමේ ජාවා­රම නිසා අවට නිවෙස් ගිලා බැසීමේ අව­දා­න­ම­කට ලක් වෙලා. ඒ විත­රක් නෙමේ අවට තියෙන ළිං මේ වන විට හිඳිලා. වැවේ භූගත ජල මට්ටම අඩු වෙලා.

මෙතැන වැලි කපන්න පර්මිට් එකක් හදලා තියෙන්නේ අත යට ගනු­දෙ­නු­ව­ලින්. මේ වෙන කොට වැලි ජාවා­ර­ම්ක­රු­වන් මයි­ල­ගම වැවට මීටර් 300ක් පමණ දුරින් තියෙන ඉඩ­මක තමයි මේ වැලි කැපිම සිදු කරන්නේ.

වැලි කැපීම සඳහා බල­පත්‍ර ලබා­ගෙන තියෙන්නේ පෞද්ග­ලික ඉඩ­මක අක්කර භාග­යක් සදහා. නමුත් මේ වන විට වැලි කැපිම සිදු වෙන්නේ ඊට යාබ­දව පිහිටි කිසිදු බල­ප­ත්‍ර­යක් නැති ඉඩ­මක. වැලි ජාවා­ර­ම්ක­රු­වන් මේ ඉඩ­මත් රුපි­යල් ලක්ෂ 20ක මුද­ල­කට මිලදි අර­ගෙ­නයි මේ ජාවා­රම කරන්නේ. ජාවා­රම් කරු­වන් ඔවුන්ගේ බල­පු­ළු­ව­න්කා­ර­කම් පෙන්වලා තමයි මේ ජාවා­රම කර­ගෙන යන්නේ. මේ ගැන කතා කර­න­කොට ගමේ අපිට තර්ජන එල්ල­වෙ­නවා. වැලි ජාවා­රම නිසා ගම සම්පු­ර්ණ­යෙන්ම විනාශ වී යනවා. අපි 119 පොලිස් හදිසි දුර­ක­ථන අංක­යට මේ ගැන කිව්වම පොලි­සියේ රාල­හා­මිලා දෙන්නෙක් ඇවිත් මේ ස්ථානය බලලා ගියා. එච්ච­රයි. මේ සිදු­වෙන පරි­සර හානිය වහාම බල­ධා­රීන් විසින් මැදි­හත්ව නවතා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.,,

මයි­ල­ගම පදිංචි ඕ.ජී.කේ.කමල් කී කතාව මෙසේය.

“මේ ප්‍රදේ­ශයේ පවුල් 158ක් පමණ ජීවත් වෙනවා. මේ ගම්වා­සීන් කිසි­ව­කු­ගෙන් වත් කිසිදු විම­සී­මක් නැතිව, මයි­ල­ගම ගොවි සංවි­ධ­න­යෙ­න්වත් කිසිදු විම­සී­මක් කරන්නේ නැතිව පිටින් ආව වැලි ජාවා­ර­ම්ක­රු­වන් පිරි­සක් ගමේ එක පවු­ලක් රව­ට්ටා­ගෙන මහා පරි­මාණ ගොඩ­වැලි කැපීමේ ජාවා­ර­මක් කර­ගෙන යනවා.

කත­ර­ගම ප්‍රාදේ­ශීය සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වේදී පවා ගොඩ ඉඩ­ම්වල වැලි කැපී­මට අව­සර නොදි­මට තිර­ණය කර තිබිය දි තමයි මේ ස්ථාන­යට වැලි කැපි­මට බල­ප­ත්‍ර­යක් ලබා දී තියෙන්නේ. මේ පර්මිට් හදන්න ප්‍රදේ­ශයේ ග්‍රාම නිල­ධා­රී­ව­රයා මැදි­හත් වෙලා තියන වග අප දන්නවා.

ගමක් මැද මේ විදි­ය­ටම මහා වළ­වල් කපලා වැලි ගොඩ දැමී­මෙන් සිදු වෙන හානිය නිල­ධා­රීන්ට නොපෙ­නුණ එක තමයි පුදුමේ. අපි මේ වන විට මේ සම්බ­න්ධ­යෙන් ගමේ සියලු දෙනාගේ අස්ස­නින් යුතුව මොන­රා­ගල දිස්ත්‍රික් ලේකම් තුමිය හා අනෙ­කුත් නිල­ධා­රීන් දැනු­වත් කිරී­මට අවශ්‍ය පිය­වර අර­ගෙන තියෙ­නවා.

ඒ වගේම මේ වන විට ගොඩ වැලි කැපීම සඳහා ප්‍රදේ­ශයේ තවත් කුඹුරු ඉඩම් කිහි­ප­යක්ම පුරන් වෙන්න ඇරලා තියෙ­නවා. මේවා සිදු වෙන්නේ නිල­ධා­රීන්ගේ අනු­දැ­නුම ඇති­වයි. මේවා කරන ජාවා­ර­ම්ක­රු­වන් නිල­ධා­රීන් එක්ක අත යට ගනු­දෙනු කර­නවා.

මෙතැ­නට එන ඇහැ­කන පේන ඕන කෙනෙ­කුට පේනවා මෙතැන වැලි කැපු­වම අවට පරි­ස­ර­යට, වැව් ටිකට,ළිං ටිකට හා නිවාස ටිකට පරි­ස­ර­යට මොකද්ද වෙන්නේ කියලා. නමුත් බල­ධා­රීන් මෙහි ඇති ආදී­නව පිළි­බ­දව දැන දැනම මේ විදි­යට ගම්මාන මැද වැලි කැපී­මට දෙනවා. වැලි කපන්න මහා පරි­මාණ ලෙස වළ­වල් හෑරු­වම අවට ගෙව­ල්ව­ලට ඇති වෙන බළ­පෑම ගැන­වත් කිසිදු අව­ධා­න­යක් යොමු නොකර තමයි නිල­ධා­රීන් මේවා සදහා අනු­මැ­තිය දි තියෙන්නේ. අප මේ සම්බ­න්ධ­යෙන් නිළ­ධාරී දැනු­වත් කළත් මේ සම්බ­න්ධ­යෙන් නිල­ධා­රීන් මුනි­වත රකින්නේ කුමක් නිසා­වෙන්ද කියලා අපි දන්නේ නෑ. අපි කියන්නේ මේ ගම විනාශ වෙන්න කලින් මේ මහා අප­රා­ධය නතර කර දෙන්න කියලා.,,

වැලි ජාවා­රම සිදු­වෙන ස්ථාන­ය­ටද අප ගොස් කළ නිරී­ක්ෂ­ණ­යේදි දැක ගත හැකි වුයේ බල­පත්‍ර නීති රීති පවා උල්ලං­ඝ­නය කර­මින් මේ පිරිස් බැකෝ යන්ත්‍ර දෙකක් යොදා­ගෙන මෙම ජාවා­රම දැඩි පරි­සර හානි­යක්ද සිදු කර­මින් සිදු කර­ගෙන ගොස් ඇති බවය. එහි සිටි පිරි­ස­ගෙන් අප කළ විම­සී­මේදී ඔවුන් පැව­සුවේ තමන් බල­පත්‍ර රැගෙන මෙම කට­යුත්ත සිදු කරන බවය. කෙසේ වෙතත් අප ඔවු­න්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම් වලදී ඔවුන් පැව­සුවේ බල­පත්‍ර ලබා ගත් ඉඩමේ වැලි නැති නිසා අනෙක් ඉඩ­මෙන් වැලි කැපීම සිදු කරන බවත්, ඒ සද­හාත් කඩි­න­මින් බල­පත්‍ර සාදා ගන්නා බවත්ය.

එමෙන්ම ඉඩම හිමි­ක­රු­ගෙන්ද අප විම­සි­මක් කළෙමු. මේ ඔහු කී කතා­වයි.

“මට ඕන වුණේ මෙතැන ගොවි­ප­ළක් ඇති කර­න්නයි. මේවා කැලෑ වෙන්න දෙන්න බෑ .ඒ නිසයි මං මේ ඉඩම වැලි කපන අයට දුන්නේ .මට ඕන වුනේ වැලි කපන්න දෙන්න නෙමේ. ගොවි­ප­ළක් හද­න්නයි. නමුත් ගේ ළග කෙනෙක් නිත­රම ඇවිත් මට බළ­පෑම් කළා මේක වැලි කපන්න දෙන්න කියලා. ඉතින් මං ගිවි­සුම් පත්‍ර­යක් මත ඉඩම වැලි කපන්න දුන්නා. එතැන තිබුණු අනෙක් ඉඩ­මත් මේ අය රුපි­යල් ලක්ෂ විස්සක් දිලා අර­ගත්තා. මං දන්නේ නෑ ඉතින් ඉන් එහාට මොනවා කර­න­වද කියලා. නිල­ධා­රීන්ට කියලා අව­සර අරන් තමයි මේ අය මේ වැඩේ කරන්නේ. මගේ ඉඩමේ තිබුණු රුපි­යල් ලක්ෂ 20ක විතර පොල් හා තේක්ක ගසුත් විනාශ වුණා,, යැයිද පැව­සිය.

ඉකුත් දින කිහි­පය තුළ­දීම ගම්මු මෙම වැලි ජාවා­රම සම්බ­න්ධ­යෙන් වග­කි­ව­යුතු විවිධ පාර්ශ්ව වෙත දැනුම් දීමට කට­යුතු කළහ. එහිදී කල­බ­ල­යට පත් ජාවා­ර­ම්ක­රු­වන් කපන ලද වැලි වෙනත් ස්ථාන­ය­කට ප්‍රවා­හ­නය කිරි­මට සැල­සුම් සකස් කර තිබුණේ ඇතැම් වග­කි­ව­යුතු නිල­ධා­රී­න්ගේද සහාය ඇති­වය. කෙසේ වෙතත් ගම්මු ඊට එරෙහි වූහ. ප්‍රදේ­ශයේ ජන­තාව හා අවට විහා­ර­ස්ථා­න­වල භික්ෂූන් වන්සේ­ගේද සහ­භා­ගි­ත්වය ඇතිව සෙල්ල­ක­ත­ර­ගම පස්ස­ර­යාය හන්දි­යේදී විරෝ­ධතා විව්‍යා­ප­ර­යක් පැවැත් වුයේ ඉකුත් 06 වන දිනයි. එහිදී විරෝ­ධ­තා­ක­රු­වන් පැව­සුවේ වහාම මෙම වැලි ජාවා­රම නැවැ­ත්වී­මට කට­යුතු කර දෙන ලෙසය. පෙර­වරු 08ට පමණ විරෝ­ධ­තාව ආරම්භ වු අතර පෙර­වරු 9.30ට පමණ කත­ර­ගම ප්‍රාදේ­ශිය ලේකම් කාර්යා­ලයේ නියෝ­ජි­ත­යෙකු එම ස්ථාන­යට පැමිණි විරෝ­ධ­තාව නව­ත්වන ලෙසත් මෙම ගැට­ල­වට කඩි­න­මින් විස­ඳු­මක් ලබා දෙන බව පැව­සු­වත් විරෝ­ධතා කරුවෝ ඊට එකග නොවූහ. ලිඛිත පොරො­න්දු­වක් ලබා දෙන්නේ නම් විරෝ­ධ­තාව අව­සන් කරන බව පැව­සී­මත් සම ඟ එම ස්ථාන­යට පැමිණි ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ නියෝ­ජි­තයා නැවත ගොස් පෙර­වරු 11.30ට පමණ පැමිණ අදාල පොරො­න්දුව ලිඛි­තව ලබා දිමට පිය­වර ගත්තේය. ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා වෙනු­වෙන් පැමිණි නිල­ධා­රියා මේ මස 14 වන දින දක්වා මෙහි වැලි කැපීම තහ­නම් කළ බවට ලිඛිත පොරො­න්දු­වක් ලබා දුන් අතර කත­ර­ගම ප්‍රාදේ­ශීය සභාව විසින් වැලි ප්‍රවා­හ­නය නතර කිරී­මට පිය­වර ගත් බවට පොරොන්දු විමෙන් පසු විරෝ­ධ­තාව අව­සන් කිරි­මට පිරිස කට­යුතු කෙරිණි.

ඒ වන විටත් සිද්ධිය සම්බ­න්ධ­යෙන් සොයා බැලීම සදහා තංගල්ල කොට්ඨා­ස­භාර පොලිස් අධි­කාරී ලක්සිරි ගීතාල් ගේ උප­දෙස් පරිදි සිවිල් ඇඳු­මින් සැර­සුණු තංගල්ල කොට්ඨාස පාරි­ස­රික අංශයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක්ද අදාළ ප්‍රදේ­ශය වෙත ගියේ මෙම ජාවා­රමේ සුල­මුල සොය­න්න­ටය. දහ­වල් 12 පමණ එම ස්ථාන­යට ගිය තංගල්ල කොට්ඨාස පාරි­ස­රික අංශයේ නිල­ධා­රීන්ට එහි සිදුව ඇති විනා­ශය පිළි­බ­දව එකින් එක දැක ගැනි­මට හැකි විය. ඒ අනුව එම අව­ස්ථා­වේ­දිම වහා ක්‍රියා­ත්මක වු තංගල්ල කොට්ඨාස පාරි­ස­රික අංශයේ නිල­ධා­රීහු බල­පත්‍ර නීති උල්ලං­ඝ­නය කිරීමේ චෝදනා යටතේ ඉඩම් හිමියා සහ වැලි කැපී­මට බල­ප­ත්‍රය ලබා­ගෙන සිටි පුද්ග­ලයා හා වැලි කැපී­මට යොදා­ගත් ස්කැවේ­ටර් දෙකක්ද අත්අ­ඩං­ගු­වට ගත්හ. මෙහිදී ඉඩම් හිමියා අත්අ­ඩං­ගු­වට ගැනී­මට සැර­සෙද්දී ඔහු පලා යෑම­ටද උත්සාහ කර ඇතත් එය ව්‍යර්ථ වි තිබේ. කෙසේ වෙතත් මේ සම්බ­න්ධ­යෙන් විස්තර ලබා ගැනී­මට ප්‍රදේ­ශයේ ග්‍රාම නිල­ධාරී වරයා සම්බන්ධ කර­ගැ­නී­මට අවස්ථා කිහි­ප­ය­ක­දීම උත්සාහ කළ ද එය ව්‍යර්ථ විම නිසා තංගල්ල කොට්ඨාස පාරි­ස­රික අංශයේ නිල­ධා­රින් ඔහුව හමු­වට නිව­සට ගියත් ඔහු ඒ වන විටත් පොලි­සිය මඟ හැර ගොස් තිබේ..

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා වැඩි­දුර විම­ර්ශන කට­යුතු සදහා කත­ර­ගම පොලි­සි­යට බාර­දී­මට කට­යුතු කෙරුණි. මෙම වැට­ලිම සදහා තංගල්ල කොට්ඨා­ස­පා­රි­ස­රික අංශයේ පොලිස් සැරි­යන් වරුන් වන සම්පත්(28435), තරංග(66611), බුද්ධික(82043) හා පොලිස් කොස්තා­පල් රිය­දුරු ප්‍රදීප්(22978) එක්ව සිටි­යහ.

කෙසේ වෙතත් ගම්මුන් පව­සන්නේ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යෙන් ලබා දුන් පරිදි පොරො­න්දුව ඒ අයු­රින්ම ඉටු වෙන තෙක් තමන් බලා සිටින බවය. ලබා දුන් පොරො­න්දුව අනුව එළ­ඹෙන 14 වන දින පැවැ­ත්වෙන කමිටු රැස්වී­මේදී මෙය සම්පු­ර්ණ­යෙන්ම තහ­නම් කිරි­මට පිය­වර ගත යුතු බවත් එසේ නොක­රන්නේ නම් නැව­තත් පාරට බසින බවත් ගම්මු කියති.

Comments