
මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය අද (12) උදෑසන 6.02ට යෙදෙන සිව් මහා දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ වේ.
අද සිට පුරා දින 4ක් සිව් මහා දේවාලයන්හි පෙරහර පැවැත්වෙන අතර, අගෝස්තු 16 සිට 20 දක්වා දින 5ක් කුඹල් පෙරහර පැවැත්වෙයි.
21 දා සිට රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරෙන අතර, 25 වැනි දින අවසන් රන්දෝලි මහ පෙරහර පවත්වා 26 දා දහවල් දිය කැපීම් පෙරහරින් දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යය නිමාවට පත් වීමට නියමිතය.
මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසන්නේ මෙවර දළදා පෙරහර පැරණි සංස්කෘතිකාංග ආරක්ෂා කරමින් වඩත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි. මෙවර දළදා පෙරහරට හා සිව් මහා දේවාල පෙරහරට කලාකරුවන් 1,500ක් සහ අලි ඇතුන් 100කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගැනීමට සංවිධායක කමිටුව බලා පොරොත්තු වෙයි.
මහනුවර නගරයේ පවිත්‍රතාව රැකගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස පෙරහර නැරඹීමට පැමිණෙන්ගෙන් දියවඩන නිලමේවරයා විශේෂයෙන් ඉල්ලා සිටියි.