
බොහෝ වේදනා ඉපදවූ අමිහිරි රිදුම් තවමත් එසේමය. ඒ අශීලාචාර මිනිස්සු මස් රාත්තලම ඉල්ලමින් සිටිති. කාලසටහනකින් තොරව අවාරයට යන එන දුම්රියක තෙරපී යන මේ මිනිසුන් ගේ උපේක්ෂා සහගත ගමන පෙනෙන රේල් පීලි තරම්ම පැටලිලි සහිතය. ඔවුන්ගේ උපේක්ෂාව අවභාවිත නොකිරීමේ වගකීම ඇත්තේ වගකිව යුත්තන් අතය.