
පත්තර මහගෙදර - ලේක්හවුස් ආයතනය සංවිධානය කරන 34 වන සරසවිය සම්මාන උලෙළ - දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය ලබන මස 03 දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 6.00ට අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතාගේ සංකල්පයක් මත මෙවර සරසවිය සම්මාන උලෙළ හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් නම් කර තිබීම විශේෂත්වයකි. කාර්ගිල්ස් සමාගමේ සමාදර අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවර සරසවිය සම්මාන උලෙළ 2016 සහ 2017 වසරවල තිරගත වූ චිත්‍රපට අතුරින් තෝරාගත් චිත්‍රපට උදෙසා සම්මාන පිරිනැමේ.
එමෙන්ම දෙවර්ෂයේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද නමුත් තවමත් තිරගත නොවූ අධ්‍යක්ෂවරයකුගේ මුල්ම සිනමා කෘති උදෙසා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය පිරිනැමේ. මීට අමතරව සිනමා කර්මාන්තයේ යාවජීව කර්තව්‍යය වෙනුවෙන් රණ තිසර හා රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සම්මාන පිරිනැමීමට නියමිතය.