මහ උළුගෙදර උළු හෙල්ලෙන වෙනසක් | Page 5 | සිළුමිණ

මහ උළුගෙදර උළු හෙල්ලෙන වෙනසක්

ඉනෝකා සමරවික්‍රම, අමිල මලවිසූරිය

වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හැරීමත් සමඟ ඉදිරි දින කිහිපය තුළ විශාල වෙනස්කම් රැසක් සිදු වන බව රජයේ ප්‍රබල ඇමැතිවරු දෙදෙනෙක් අනතුරු අඟවති.

බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම හා ජංගම දුරකතන සංසරණය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් සහ අනෙක් නිලධාරීන්ගෙන් ඇතැමකු උදවු කර ඇති බවට පසුගිය දිනවල සිදු කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ලද වාර්තා මත එම බුද්ධි අංශය වහා විසුරුවා හැරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පියවර ගෙන ඇත. මීට අදාළ ඉදිරි පියවර සම්බන්ධයෙන් අදහස් පළ කළ රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු සිළුමිණට අනාවරණය කළේ බන්ධනාගාරවල සිදු වන නීති විරෝධි ක්‍රියා මැඬලීම සඳහා බන්ධනාගාර පද්ධතිය තුළ ප්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට සැලැසුම් කර ඇති බවයි.

මේ වෙනස්කම් මොනවාද යන්න නිශ්චිතව අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරුන් පැවැසුවේ ඉදිරි දින කිහිපයේදී බන්ධනාගාරය තුළ උඩුයටිකුරු වන ආකාරයේ වෙනස්කම් රැසක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Comments