
සුධර්මා දකුණු පළාතේ පදිංචි හැට හැවිරිදි කාන්තාවකි. ඇය පුතෙකුගේ හා දුවකගේ මවකි. සැමියා මිය ගොස් ඇත. දැන් සුධර්මාගේ තුනටියෙන් පහළ කොටස අප්‍රාණිකව ඇත. ඇගේ යටිබඩ වේදනාවකින් පෙළෙයි. නිවෙසේ එහා මෙහා යන්නේ ද රෝද පුටුවකිනි. රාත්‍රි හීනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදි වෙයි. කොයි තරම් හොඳින් නා පිරිසුදු වුවත් ඇගේ යටි බඩ ප්‍රදේශයෙන් මහා දුර්ගන්ධයක් පිට වෙයි.
මේ කායික අසනීප වේදනාවන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්නට ගියත් වෛද්‍යවරුන්ට රෝගය සොයා ගත නොහැකි විය. එහෙත් අනුමානයට ප්‍රතිකාර කරති. වෛද්‍යවරුනට ස්කෑන් පරීක්ෂණ කළත් ශාරීරික අභ්‍යන්තර ආබාධයක් සොයා ගත නොහැකි විය. ඇවිදින්නට නොහැකි වූ තුනටියේ හෝ යටිබඩ පරීක්ෂාවලින් රෝගයට අදාළ කිසිම හේතුවක් සොයා ගත නොහැකි විය. වෛද්‍යවරුන්ගේ අඩු බඩු වලට තාක්ෂණ උපකරණවලට රෝගය කුමක්දැයි සොයා ගත නොහැකි වන විට මෙය කායික ආබාධයක් යැයි නිගමනය කරනවා හැරෙන්නට ඔවුන්ට තවත් කළ හැකි දෙයක් නැත. ඒ නිසා රෝගියා මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළේය. මනෝ වෛද්‍ය ප්‍රතිකාර අනුව පෙති ගිල දමා ටික වේලාවකින් රෝගියා නින්දට ගොස් වේදනාව තාවකාලිකව යටපත් වෙනවා හැරෙන්නට වෙනත් සුවයක් සහනයක් නොවීය. තවමත් පෙති ගිලියි. ඊට අමතරව දැනට දසවසරක කාලයක් තිස්සේ වත් පිළිවෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළත් එයින්ද සුවයක් නොවීය.
අන්තිමට සුධර්මාගේ දුවත් පුතාත් ඇය ඇතුල්කොට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවා ගෙන ආහ. එහි දී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී මේ ඉතිහාසගත රෝගාබාධයන් විස්තර කළහ.
ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කොට රෝග පරීක්ෂාවේ යෙදෙන විට ඇයට භූතාත්මයක් ආවිෂ්ට වී කෑ ගසන්නටත් අඩන්නටත් වූවාය. ඒ දීර්ඝ ඇඬිල්ලට එහා දෙයක් එදින සිදු නොවුයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට ගවේෂකවරයා නියම කළේය.
බෝධි පුජා අවසන් කොට පැමිණි දිනයේ ද සුධර්මාට භූතාත්මය ආවිෂ්ට වූ නමුත් කතා කළේම නැත. එදින ඇයට පිළිවෙත් වෙනස් කොට නැවත සතියකින් එන්නැයි නියම කළේය. ඒ සතිය තුළ සුධර්මාගේ යටි බඩ ප්‍රදේශයෙන් වරින් වර බොහෝ වේදනා දැනෙන්නට වී ඇත.
සතියකට පසු ඔවුහු නැවත පැමිණියහ. එදින ඇයට ආවිෂ්ට වූ භූතාත්මය කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?” යි ඇසීය.
“මම ශීලරතන” යැයි භූතාත්මය කීවේය.
“කවුද ශීලරතන කියන්නේ?”
“මම මහණ කෙනෙක් ?”
“ඒ කියන්නේ ටේලර් කෙනෙක් ද?”
“නෑ.......නෑ........පැවිද්දෙක් .” යැයි කියා මහ හඬින් අඬන්නට විය.
“ඇයි මේ අඬන්නේ?”
“අනේ මහත්මයා. මම” සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය කියලා සියලු දුක් සහිත මේ ගමන නතර කොට නිවීම සඳහා කටයුතු කරනවා. කියා පැවිදි වුණා. හොඳට ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්තා. හොඳට බණ කිව්වා මගේ ගුරු හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක්. මම ඒවත් ඉගෙන ගත්තා. මේ කට්ටඩි වැඩේ බණ කියනවාට වඩා හොඳයි වාසියි කියලා හිතුණා. ඒ වගේම ප්‍රතිකාර ගන්න එන තරුණ ලස්සන ගැනුන් අත පත ගාන්නත් ලැබුණා. ඒ අය අතරින් සල්ලිකාර නෝනලා මට හොඳට සැලකුවා. ඒ අයගෙන් හත් අට දෙනෙක්ම මං එක්ක සම්බන්ධකම් පවා පැවැත්තුවා. මේ සුධර්මාත් මහත්තයා මළාට පස්සේ මා එක්ක යාළු වුණු කෙනෙක්.”
“අනේ මහත්තයා මම මේ වැඩ කරන කොට” කරන කලට පව් මීරිය මී සේ” වුණත් රාත්‍රි නින්දට ගියා ම මගේ ම හිත මට විරුද්ධව අවි අමෝරාගෙන මට දඬුවම් කරන්න හිටියා. තෝ මේ අහිංසකයන් ශ්‍රද්ධාවෙන් දෙන සිවුපසය වළඳමින් සබ්බ දුක්ඛ නිස්සරණීය කරන්නේ මෙහෙමද කියලා දැවෙන්න හිටියා. ධර්මය දන්නා නිසා අපා ගිනි නිරාගිනි දැක දැක පිච්චෙන්න හිටියා. මේ අතරේ මැති ඇමැතිවරුන් මගෙන් වැඩ කරගන්න ආවා. මේ වෙනකොට මට බස් වෑන් කාර් පවා තිබුණා. ඒත් රෑට නින්දක් නෑ. දැවෙනවා. මේ ගැන කිව්වාම මේක පැවිද්දට ප්‍රති විරුද්ධය හිත දැවෙනවා කිව්වාම ලොකු ලොක්කො මට බොන්නත් ගෙනැත් දුන්නා. මේ හැම දෙයක්ම ධර්මානුකූලව වැරදි බව දන්නවා. අනේ මහත්තයා මට රුපියලක් අහුලා ගන්න ගිහින් වටිනා මැණික් කන්දක් අහිමි කරගත්තා. මට පන්සලේ ඉන්න බැරුව ගියා. හොඳ ගෙයක් සල්ලිවලට ගත්තා. ඒකට අසපුව කියලා නම දා ගත්තා. මේ අතරේ මගේ ත්‍රිපිටක දැනුම තුළින් ජනප්‍රිය බණවලටත් ආරාධනා ලැබුණා. ඒවාත් කරගෙන හිටියා යි. භික්ෂු ප්‍රේතයා කීවේය.
“ඇයි ඉතින් මේ සුධර්මාව ලෙඩ කරන්නේ?”
“අනේ මහත්තයා මම ලොකු මුදලකට කෙනෙකුගේ කීමට බරපතළ විනයක් කළා. ඒ මනුස්සයා හරිම සිල්වත් ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. ඒ බන්ධනයට යවපු භූතයාට ඒ මහත්තයාම කිට්ටු වෙන්න බැරුව ආපහු ආවා. ඌ ඇවිත් මගේ පපුව හිර කරලා මැරුවා. ඒ මැරෙණ කොට මට මේ ගෑනිව මතක් වුණා. එතැනම උපන්නා.”
“කොතැන ද උපන්නේ?”
“මේ ගෑනිගෙ යටි කයේ අනේ මහත්තයා මට බඩගිනියි”
“ඒ මොකද හිටි හැටියේ බඩගිනි වුණේ?”
“මට ආහාර මතක් වුණා. මම කලින් ආහාරය ගත්තේ මේ කෙනාගේ ශ්‍රාවය. දැන් මෙයා නාකියි. ඒ ආහාරයත් නෑ. මම කුස ගින්නේ දැවෙනවා. ඊටත් වඩා ඉගෙන ගන්න බණ දහම්, හේතු ඵල දහම, පේත වස්ථු කාතා මතක් වෙන කොට මුළු චිත්ත සන්තානයම දැවෙනවා” යි ප්‍රේතයා අඬන්නට විය.
“තමුන් මෙච්චර කාලයක් ඔතැන ම හිටියේ කොහොමද?”
“මුන් ඇදුරෝ ගෙන්නලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළා. උන්ට වඩා මම මන්ත්‍ර ශාස්ත්‍රය දන්නවා. උන් ලැහැස්ති වෙන කොට මම අයින් වෙනවා. දවස් දෙක තුනක් යන කොට ආයෙත් ඉබේම ඇදිලා යනවා. ඇදුරෝ මුන් රවටලා සල්ලි කඩාගෙන යනවා.”
“ඉතින් මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ආවේ මොකද?”
“මෙතන ෙහාඳ තැනක් බව දැනුණා. මට පීඩා නොකරණ බව දැනුණා. අනේ. මහත්තයා මට මෙතැනින් ගැලවිලා නිදහස් වෙලා යන්න ඕනෑ. මට ගැලවිලා යන්න උදව් කරන්න.
“හොඳයි. දැන් බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි” කියලා මොහොතක් හිතන්න.”
“ බෑ......බෑ...... එතකොට දැවෙනවා. මම සිවුරේ ගෞරවය කෙලෙසුවා කියලා පිච්චෙනවා. බුදු පිළිමයක් දිහා බලන්න බෑ. දැවෙනවා.”
“එහෙම නම් සිද්ධස්ථානයකට යවන්නම්”
“බැහැ......බැහැ... ඒකටත් පින් නෑ. ධර්මය දන්න නිසා කර්මයත් විපාකයත් වැටහෙනවා. වේදනාව දුක වැඩියි. මට අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වෙන බව මම දන්නවා. මහත්තයාට බැහැ ඒ දුකෙන් මාව මුදවන්න. මහත්තයාට පුළුවන් නම් මේ ගෑනිගේ මම දැන් ඉන්න තැනින් ගලවලා මාව ගං ඉවුරකට යවන්නැයි. ප්‍රේතයා ඉල්ලීමක් කළේය.
ගවේෂකවරයා සුධර්මාගේ මුලාධාර චක්‍රය හා ස්වධිෂ්ඨාන චක්‍රය පිරිසිදු කළේය. ඒ අනුව භික්ෂු ප්‍රේතයා සිටි තැනින් නිදහස් විය.
ඉන් පසු ප්‍රේතයා මලකට සම්බන්ධ කොට කළුතර බෝධීන් වහන්සේ පෙනෙන මානයේ රථගාල පැත්තෙන් ගං ඉවුරට ඔවුන් අතම යැවීය.
මේ වන විට සුධර්මාව රෝද පුටුවෙන් බැස සැරයටියකින් ගමන් කරන්නට පුළුවන් වී ඇත. හීනෙන් බියට පත්වීම නතර වී ඇත. කර්ම විපාක ගෙවී යන තුරු පින් දහම්වල යෙදීමටත් උදේ හවස බෞද්ධ පිළිවෙත්වල යෙදීමටත්, හොඳ ආයුර්වේද වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර ලබන ලෙසත් ගවේෂකවරයා උපදෙස් දුන්නේය.
මේවා කාට කාටත් හොඳ පාඩම්ය න තේන ථේරෝ හෝති යේ නස්ස පලිතං සීරෝ- පරිපක්බෝ වයෝ තස්ස- මොඝ ජින්නෝති චුච්චතී” හිසකෙස් පැසුණු පමණින් ස්ථවිර නොෙව්. වයසින් පමණක් මේරු ඔහුට ‘හිස් මහල්ලා’ යි කියනු ලැබේ.
ධම්මපදය -260