
පළාත් පාලන මැතිවරණය ගැන ලබන බදාදා (01) යළිත් පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. මේ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දාද (26) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වුණු අතර, එහිදීද මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකිව තිබේ.
මෙහිදී නව සීමා නිර්ණයන්ට අනුව කේවළ සහ සමානුපාත නියෝජන මිශ්‍ර ක්‍රමය යටතේ මැතිවරණය පවත්වන්නේද, නැති නම් පැරණි ක්‍රමයටම පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව ඇති අතර, බොහෝ පක්ෂ නායකයන් එහිදී පැරණි ක්‍රමයටම මැතිවරණය පැවැත්වීම සුදුසු බවට අදහස් දක්වා ඇත. එසේ වුවද මෙහිදී පක්ෂ නායකයන්ට නිශ්චිත එකඟතාවකට පැමිණීමට නොහැකි වූ හෙයින් මේ සතිය තුළ යළිත් පාර්ලිමේන්තුවේදී රැස් වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.