
රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගනිද්දි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙක් අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් සිකුරාදා (20) සවස අත්අඩංගුවට ගනු ලැබීය. අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වී මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පාලකවරයා අත්අඩංගුවට පත් වී ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයෙදීය. ඔහු අල්ලස් මුදල ලබාගෙන තිබුණේ වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙනි.
එම මුදල ලබාගැනීමේදී අත්අඩංගුවට පත් වූ මෙම නිලධාරියා සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බව අල්ලස් කොමිසමේ ප්‍රකාශයෙක් සිළුමිණට පැවසීය.